සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

0
2

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.

එක්සත් රාජධානියේ පුද්ගලික සංචාරයක නිරත වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට රුපියල් ලක්ෂ 162කට අධික මුදලක් අනුමත කිරීම තුළින්, එම වරදට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට හිටපු ජනාධිපති ලේකම්රවරයා ක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

හිටපු ජනධිපතිවරයාගේ සහ බිරිඳගේ එම විදෙස් සංචාරය රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නොව පෞද්ගලික සංචාරයක් බවට විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබේ.

The post සමන් ඒකනායක යළි රිමාන්ඩ්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here