හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන 18 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අද (11) නියෝග කර ඇත.
සැකකාර සමන් ඒකනායකට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය එදින ඉදිරිපත් කරන බවද මහේස්ත්‍රාත් දැනුම් දී තිබේ.
රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ දෙවෙනි සැකකරු ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක නම් කර සිටී.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත පෞද්ගලික සංචාරයක නියැළී, නිල සංචාරයක් ලෙස සඳහන් කරමින් රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් වියදම් කර තිබිණි.
0
Saru News








