සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

0
2

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය නිමිති කරගෙන සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ආශිර්වාද කිරීමේ අරමුණින් රුහුණු කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේ දී පෙබරවාරි මස 7 සහ 8 යන දෙදින තුළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ හීල් දානමය පුන්‍යකර්මයක් පැවැත්විණි.

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එහි දී කිරිවෙහෙර චෛත්‍යය වටා කප්රුක් පූජාවක් ද සිදු කරන ලදී.

2020 ජනවාරි මස ආරම්භ වූ සමගි ජන බලවේගය එතැන් සිට රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ජන ජීවිතය නගා සිටුවීම උදෙසා සුවිශාල සමාජ, දේශපාලන සේවා රැසක් ඉටු කළ අතර ඒ සේවාව ඉදිරියට සිදු කිරීමේ අරමුණින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගැනීමට මෙසේ දානමය පුන්‍යකර්මයක් සහ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිදු කරන ලද බවයි විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here