සබරගමු සරසවියේ චරිත්ගේ මරණය ගැන සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ

0
2


සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ චරිත් දිල්ශාන් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය පවසනවා.

මෙම සිසුවාගේ මරණය නවක වදය හේතුවෙන් සිදුවූවා දැයි සැකකරන බවට විශ්වවිද්‍යාල සිසුවෙකු කළ පැමිණිල්ලක් සහ මියගිය සිසුවාගේ පියා සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

එවැනි සිදුවීමක් සිදුව ඇති බවට සිදුකරන විමර්ශනවල දී තහවුරු වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර නවක වදය ඇතුළු විශ්වවිද්‍යාලවල සිසුන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ලබාදීම සඳහා උපදේශන ඒකක ශක්තිමත් කිරීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව විශ්වවිද්‍යාලවල පාලක සභාවට අනුයුක්තව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සමාජිකයෙකු පත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here