සබරගමුව සරසවි නවකවද සිදුවීමට ඇල්ලූ සැකකාර සිසුන් තවදුරටත් රිමාන්ඩ්

0
3


ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැන වසරේ සිසුවෙකුට නවකවදය ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10 දෙනා එළඹෙන 29 වැනිදා දක්වා යළ්ලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලංගොඩ මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි මහත්මිය නියෝග කළා.

සැකකාර සිසුන් අද (16) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ බවයි වාර්තා වන්නේ.

ඉකුත් අප්‍රේල් 29 වැනිදා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණා.

විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණ ද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවදය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලට අදාළ ව මෙම සිසුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here