
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු අත්හිටුවීමට සරසවි පරිපාලන අධිකාරිය විසින් තීරණයක් ගෙන ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ සිසුවෙකු නවක වදය හේතුවෙන් මිය යාම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු අතරතුරදීය.
මෙම 11 දෙනා ඉදිරියේදී පරීක්ෂණයකට මුහුණදෙනු ඇති අතර සිය නිර්දෝෂීභාවය සනාථ කළ නොහැකි වුවොත් සම්පූර්ණ සරසවි සාමාජිකත්වය හා උපාධිය අහිමිවීයාමට ඉඩකඩ තිබේ.
නවකවදය සම්බන්ධ අලුත්කරන ලද පනතට මෙම නීති රීති ඇතුළත්ව ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුලින් අත්අඩංගුවට ගත් තුන්වන වසරේ සිසුන් සිව්දෙනා ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු මෙසේ අත්හිටුවා ඇත. නවක වදය දුන් බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවන වසර විද්‍යාර්ථයින් හතර දෙනා අද (මැයි 5) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්ට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් පසුගිය අප්‍රෙල් 29 වැනිදා සමනලවැව පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ අතර එක් සිසුවෙකුගේ දිවිනසාගැන්මද සිදුවිය. විමර්ශන ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙම සිසුන් හතර දෙනා අත්අඩංගුවට ගනු ලැබිණ.
මෙම සිද්ධිය අවධානයට ලක්වූයේ විශ්වවිද්‍යාල නවක වදය පිළිබඳව ආන්දෝලනාත්මක කතාබහක් ඇති කරමින්,
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා අප්‍රෙල් 29 වැනිදා දිවි නසාගැනීමත් සමඟය.
මෙම සිද්ධියෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ සහ මහජනයා අතර නවක වදය පිළිබඳව දැඩි සංවාදයක් ඇති වී ඇති අතර, තවදුරටත් මෙවැනි සිදුවීම් ඇති නොවීම සඳහා වහා පියවර ගත යුතු බවට බොහෝ පාර්ශවයන් අවධාරණය කරයි.

Saru FM Media