සබන් නොගා හිසකෙස් වලට ශැම්පු ගැල්වීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි ?

0
16


ඔබේ පෙනුම වැඩිදියුණු කරන ප්‍රධානම සාධකයක් තමයි ඔබේ කෙස් කළඹ. ඔබේ කෙස් කලඹ ශක්තිමත් සහ නීරෝගී ස්වභාවයක් ගන්නවා නම් එහි පෙනුමත් ඉතාම සුන්දර වෙනවා. කෙස් කළඹේ ශක්තිමත් සහ නීරෝගී භාවයට ඔබ එය රැක බලා ගන්නා ආකාරය සහ ඒ සඳහා භාවිතා කරන නිෂ්පාදන අතිශයින්ම වැදගත් වෙනවා. මේ ලිපියෙන් පැහැදිලි කරන්නේ ඔබේ හිස කෙස් වලට සබන් වෙනුවට ෂැම්පු භාවිතා කිරීමේ ඇති වැදගත්කමයි. 

සබන් වල සාමාන්‍යයෙන් මේද අම්ල ඉහල සාන්ද්‍රනයක් අඩංගු වන අතර සබන් යනු pH අගය 9 සහ 10 අතර ඇති නිෂ්පාදනයක් වෙනවා. ඔබේ හිසකෙස් වල සහ හිස් කබලේ pH අගය 4.5 සහ 5.5 අතර අගයක පවතිනවා. ඔබ ඔබේ හිස කෙස් පිරිසිදු කිරීම සඳහා සබන් භාවිතා කිරීම කෙතරම් දුරට හානිකරද යන වග ඔබට දැන් වැටහෙනවා ඇති.

සබන් යොදා හිසකෙස් සේදීමෙන් පසුව ඔබේ හිසකෙස් හොඳින් පිරිසිදු වී ඇති බවක් ඔබට දැනෙන්නට පුළුවන්.නමුත් ඇත්ත වශයෙන්ම සබන් මගින් ඔබේ හිස කෙස් වල ඇති ස්වාභාවික තෙල් ඉවත් වීම පමණක් සිදුවෙන අතර එමගින් ඔබේ හිස කෙස් සිහින් වීම , වියලීම සහ ඉක්මනින් කැඩී යාම වැනි තත්ත්වයන් ඇති වෙනවා.එපමණක් නොව සබන් යොදා හිසකෙස් සේදීමෙන් ඔබේ රෝම කූප විවෘත වී තවදුරටත් හිස කෙස් වලට හානිවීම සහ අග පැලීමද සිදුවෙනවා .ඒ වගේම ඔබ ඔබේ හිස කෙස් නිසි ලෙස පිරිසුදු නොකරනවා නම් සබන් මගින් ඔබගේ හිස කෙස් මුල්වල සහ හිස් කබලේ බොහෝ අපද්‍රව්‍ය ඉතිරි කරනවා.එමගින් හිස කෙස් වලට හානි විය හැකි ගැටලූ තවදුරටත් වැඩි කරනවා. 

මෙවැනි හේතු නිසා ඔබේ හිස කෙස් වලට සබන් භාවිතා කිරීම සුදුසු වන්නේ නැහැ. සාමාන්‍යයෙන් සබන් නිපදවන්නේ සමට ගැලපෙන ආකාරයටයි. සබන් මගින් ලැබෙන ප්‍රතිලාභ සුදුසු වන්නේ ශරීරයට මිස හිස කෙස් වලට නොවන බව ඔබ මතක තබා ගත යුතු වන්නේ ඒ නිසයි. 

ෂැම්පු වල සහ සබන්වල අඩංගු වන තෙල්වල අනුපාතය එකිනෙකට වෙනස් වෙනවා.හිසකෙස් මතුපිටින් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහ තෙල් ඉවත් නොකර ඔබේ හිසකෙස් ගැඹුරින් පිරිසිදු කිරීමට උපකාරී වන පිරිසිදු කාරක , පෝෂ්‍ය පදාර්ථ සහ අනෙකුත් විටමින් අඩංගු අමුද්‍රව්‍ය බොහෝමයක් ෂැම්පු වල අඩංගු වෙනවා. ෂැම්පු මගින් ඔබේ හිස කෙස් පිරිසිදු කිරීමට අමතරව පෝෂණය කිරීම සහ තෙතමනය ආරක්ෂා කිරීම සිදුකරනවා.

දැනටමත් ඔබේ හිසකෙස් වල විවිධ ගැටලු පවතිනවා නම් ඒ සඳහා වෙනමම නිෂ්පාදනය කරන ලද විවිධ ශැම්පු වර්ග වෙළඳපොලේ දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් හිසකෙස් වලට තරමක් නුසුදුසු සමහර අමුද්‍රව්‍ය අඩංගු ෂැම්පු වර්ගද වෙළඳපලේ තිබෙන නිසා ඔබ ෂැම්පු වර්ග මිලදී ගන්නා විට ඒවායේ අඩංගු අමුද්‍රව්‍ය පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි. 

මේ සියලු කරුණු සලකා බැලීමේදී ඔබට ඔබේ හිස කෙස් පිරිසිදු කිරීම සඳහා භාවිතා කිරීමට සබන් වලට වඩා ,වඩාත් සුදුසු වන්නේ ෂැම්පු බව සනාථ වන්නට ඇති. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here