සඳක්වගේ බැබළෙන මුහුණක් ලබාගන්නට පුංචි පුංචි ප්‍රතිකර්ම

0
12


ලස්සන මුහුණ තවත් ලස්සනට තබාගන්න පුංචි ප්‍රතිකර්ම නිවසේදීම කරන එක තවත් හොඳයි. ලොකු වියදමක් නැති මෙම ස්වාභාවික සත්කාර ලස්සනවෙන්න කැමති ඔබ සඳහාමයි –

අමු කහ හොඳින් තලා කුඩු කර ගෙන එයට සමාන ප්‍රමාණයෙන් olive oil ටිකකුත් එකතු කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා උණු වතුර යොදා සෝදා දමන්න. කහවලට මෙලනින් පාලනය කිරීමේ හැකියාවක් තිබෙනවා.

මෙය ඉන්දියානු කාන්තාවන් අතර ඉතාමත් ජනප්‍රිය ආලේපයක්. කඩල පිටි මේස හැදී දෙකකට අවශ්‍ය ප්‍රමාණයට වතුර හෝ කිරි  ස්වල්පයක් එකතු කර තලපයක් ලෙස සකසා ගන්න.  පසුව එයට දෙහි යුෂ ස්වල්පයක් ද එකතු කර  මුහුණේ ආලේපකරන්න.

මීපැණි සහ දෙහි යුෂ සම ප්‍රමාණයෙන් ගෙන හොඳින් කලවම් කර මුහුණේ ආලේපකරන්න. වියළුණු පසු මද සීත ජලයෙන් සෝදා ඉවත්කරන්න.

ගස්ලබු වල ඇති papaine එන්සයිමය සහ විටමින් C යහමින් තිබෙන අතර මගින් සම පැහැපත් කරනවා.  Papaine   එන්සයිමය වැඩියෙන්ම ඇත්තේ අමු ගස්ලබු ගෙඩිවලයි. ගස්ලබු ගෙඩියක්ගෙන කුඩා කැපලිවලට කපා බ්ලෙන්ඩ් කර මුහුණේ ආලේපකර විනාඩි 20ක් පමණ තබා උණු වතුර යොදා සෝදා ඉවත්කරගන්න.

මතක ඇතිව මෙම ඕනෑම mask එකක් මුහුණේ ආලේපකරන විට එය මුහුණේ උඩු අතට ආලේපකිරීමට වගබලාගන්න. ඔබටත් මෙම පුංචි රුව වඩන ප්‍රතිකර්ම නිවසේදී පහසුවෙන්ම අත්හදා බැලිය හැකියි.

– සන්දනා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here