දෙමව්පියන් විදිහට ඔබ දරුවා තවත් දරුවෙකු සමග සංසන්දනය කරනවා නම් මේ සංසන්දනය නිසා සිදු වෙන පසුවිපාක ගැනත් දෙමව්පියන් විදිහටත් ඔබත් නොදන්නවා ඇති.තියඩෝර් රූස්වෙල්ට් සදහන් කරන අන්දමට සතුටෙහි සතුරා සංසන්දනයයි.
ඇත්තටම අපි අපේ දරුවන් වෙනත් අය සමග සංසන්දනය කරන්නේ ඇයි…?
මේ සංසන්දනයත් විවිධ අන්දමින් සිදු වෙන්න පුළුවන්..
දෙමව්පියන් විදිහට වෙනත් දරුවන් සමග ඔබේ දරුවා සංසන්දනය කිරීම විවිධ අන්දමින් සිදු වෙන්න පුලුවනි. ඒවා අවස්ථාවේ හැටියට සහ දෙමව්පියන්ගේ මානසික තත්වය අනුව වෙනස් වෙන්න පුලුවනි.
ඔබේ බලාපොරොත්තුව කුමක්ද…?
මේ අන්දමින් ඔබ තවත් දරුවෙකු සමග ඔබේ දරුවා සංසන්දනය කරමින් දෝෂාරෝපනය කිරීමෙන් අපේක්ෂා කරන අරමුණුත් ඇති.හැම දෙමව්පියෙකුටම අවශ්‍ය වෙන්නේ තමමන්ගේ දරුවා චැඩදායක චරිතයක් ලෙසින් ගොඩ නැගීමටයි. ඒ නිසාම ඔබ සමහර විට වෙනත් දරුවන්ගේ හොඳ ගති ලක්ෂණ ගැන ඉස්මතු කරමින් ඔබේ දරුවාට දොස් නගන්නේ එවැනි හොද ගති පැවැතුම් ඔබේ දරුවා තුළත් ගොඩ නැගීමට විය හැකියි.ඔබ යහපත් අරමුණකින් මේ කටයුතු කළත් එයින් සිදු වෙන්නේ කුමක්ද…?දෙමව්පියන් ලෙස ඔබ අපේක්ෂා කරන අන්දමින්ම දරුවාගේ ජීවිතය ගොඩ නගා ගැනීමට හැකි වීම වෙනුවට විවිධ මානසික ගැටුම් ඇති වෙන්නත් පුලුවනි.
එසේනම් සංසන්දනය දරුවාට බලපාන්නේ කොහොමද…?
ආතතියට පත් වීම
ඔබ නිරන්තරවම සම වයසේ දරුවන් සමග ඔබේ දරුවා සංසන්දනය කිරීමෙන් දරුවා ආතතියට පත් වෙනවා.දෙමව්පියන් තමාට ආදරයක් නැතැයි යන හැගීම පමණක් නොව වෙනත් දරුවන් මුල් කර ගෙන ගොඩ නැගෙන විවේචනයන් නිසාම තමා අනාරක්ෂිතය යන සංකල්පයෙන් දරුවා පීඩාවට පත් වෙනවා.
ආත්ම විශ්වාසය පහල බැසීම
වෙනත් දරුවන් සමග සංසන්දනය කිරීම නිසා ඔබේ දරුවාගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙන්නට ඇති ඉඩ ප්‍රස්ථාව ඉතාම ඉහලයි.
අල්ලපු ගෙදර සජිනි හැමදාම පංතියේ පළවෙනියා…හැම වැඩකටම ලකුණු 90 ට වැඩියෙන් ගන්නවා.ඔයාට කවදාවත් ලකුණු 75 ක්ට වැඩියෙන් ගන්න පුලුවන් වුනාද..?
මේ අන්දමින් තවත් දරුවෙකුට සාපේක්ෂ කරමින් දොස් නැගීම නිසා දරුවාගේ ආත්ම විශ්වාසය සම්පූර්නයෙන්ම බිද වැටෙනු ඇත.එතැනි පටන් දරුවාගේ මානසිකත්වය ගොඩ නැගෙන්නේත්
”මට කවදාවත් ලකුණු 80 ක් ගන්න බැහැ…” යන මානසිකත්වය මතයි. ඒ මත පිහිටා කටයුතු කරන නිසාම දරුවාගේ පැවැති දුර්වලතාවයන් තවත් බිඳ වැටීම මිස ඔහු ලකුනු 80 ඉලක්කය හඹා යන්නට උත්සාහ ගන්නේ නම් නැත.ඒත් දෙමව්පියන් ලෙස ඔබේ අපේක්ෂාව වුයේ තවත් දරුවෙකු ආදර්ශයට පෙන්වමින් ඔබේ දරුවාටත් යම් ඉලක්කයක් ගොඩ නැගීම වෙන්න පුලුවන්. ඒත් එය අසාර්ථක උත්සාහයක් පමනි.
ආත්ම වටිනාකම බිඳ වැටේ..
දෙමව්පියන් ලෙස ඔබ අසල්වැසි,කන්තෝරු මිතුරන් ,නෑදැ පවුල යන සෑම තැනකම සිටින දරුවන් සමග ඔබේ දරුවා සංසන්දනය කිරීම නිසා දරුවාගේ ආත්ම වටිනාකම අඩු වීමට ඉඩ තිබේ. මගේ කිසිම වටිනාකමක් නැතැයි යන ආකල්පයෙන් දරුවා පිඩාවට පත් විය හැක.මේ මානසිකත්වය නිසා අනාගතය මුල් කර ගෙන සුබවාදීව සිතන, කටයුතු කරන ගති පැවැතුම් දරුවා වෙතින් ඉබේටම දුරස් විය හැකියි.
සමාජයෙන් හුදෙකලා වීමට උත්සාහ කරයි.
දෙමව්පියන් වෙතින් නිරන්තරව ලැබෙන සෘනාත්මක ඇගයීම නිසාම දරුවා සමාජයෙන් දුරස්ව හුදෙකලා චරිතයක් ලෙසින් ජීවත්වීමට උත්සාහ කිරීමට පෙළඹෙනු ඇත.තමන්ට කිසිම හැකියාවක් නැහැ… වටිනාකමක් නැහැ යන මානසික තත්වයක් දරුවා විසින්ම ගොඩ නගා ගැනීම නිසා නිතරම සමාජයෙන් හුදෙකලාව ජීවත් වෙන චරිතයක් බවට පත් වෙනු ඇත.
ඊර්ශ්‍යාවෙන් පීඩාවට…
ඔබ වෙනත් දරුවන් අගයමින් , ඔවුන් ආදර්ශයට ගැනීමට යැයි දරුවාට කියන්නේ යහපත් ගති පැවැතුම් මත එබේ දරුවා ගාඩ නැගීමටයි. ඒත් මේ අගය කිරීම දරුවා ප්‍රිය කරන්නේ නැත.ඒ නිසාම ඔබ අගයන දරුවන් ගැන ඇති වෙන්නේ ඊර්ශ්‍යාවක්.
මේ ඊර්ශ්‍යාවත් සුළුපටු නැහැ…
පුංචි හිතේ පුංචි කමට ඇති වෙන ඊර්ශ්‍යාවත් සුළුපටු නැහැ. ඒවා දරුවා සමග වැඩෙන අතර අනාගතයේදී කිසිවෙකුගේ හැකියාවන් දෙස ඇගයීමක් ලබා දීමට දරුවා සූදානම් නැහැ. මේ මානසික තත්වය දරුවා වැඩිහිටියෙකු වුනත් වෙනස් වෙන්නේත් නැහැ. එවිට එබේ දරුවා ඊර්ශයාවටත් වඩා ඉක්ම ගිය කුහක චරිතයක් බවට පත් වෙනු ඇත.
දෙමව්පියන්ටත් ආදරයක් නැහැ..
තමාගේ දෙමව්පියන් විසින් වෙනත් දරුවන් අගය කිරීම නිසා දරුවා දෙමව්පියන් සමගත් දුරස් චරිතයක් බවට පත් වෙනු ඇත.විටෙක මේ දුරස් බව දරුවා සමග වැඩිදියුණු වීමේ අහිතකර තත්වයක්ද ඇති වෙන්න පුලුවනි.
සංසන්දය නැතුව බැරිද…?
ඔබේ අවශ්‍යතාවය තවත් දරුවෙකු සමග සංසන්දනය කරමින් දරවාගේ හැකියාවන් වර්ධනය කිරීම නම් එය අසාර්ථක උත්සාහයක් බැව් දැන් ඔබ දන්නා නිසා මේ විදිහට වෙනස් වෙමුද..?
Saru FM Media