“Take care of your body. it’s the only place you have to live in.”
මවක්,ගෘහණියක් ලෙස තමන්ගේ පමණක් නොව පවුලේ සනීපාරක්ෂාව රඳා පවත්වා ගැනීම ගැන අපට ඇත්තේ මහත් වගකීමක්.නිරෝගී,සතුටින් පිරිපුන් පවුලකට පාර කියා දෙන්නේ ඔබ බව අමුතුවෙන් කිවයුතු නැහැ.
දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ ම ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම අනිවාර්ය අංගයක්.
අත් සේදීම වසංගත රෝග ඇතුළු ව රෝග රැසකින් වැළකීමේ හැකියාව ඇති safe පුරුද්දක් බව අප දන්නවා.
ඉතින්,විෂබීජ වලින් ආරක්ෂා වීමට අප භාවිතා කරන බොහෝ දේවල් ඇත්තටම safe ද?
මේ දිනවල බහුලව කතා කරන ,හැම තැනමකදීම අපට හමුවන Hand wash ගැනයි මේ කතා බහ.
බොහෝ විෂබීජ ශරීර ගත වන්නේ දෑත් හරහා බව දැනටමත් අප දන්නවා. බොහෝ වසංගත වලින් ආරක්ෂා වීමේ ,safe වීමේ හැකියාව දෑත් මනා ව පිරිසුදු කර ගැනීමේ පුරුද්ද හරහා ලැබෙනවා .ඒ කියන්නේ අත් දෙක පිරිසුදු නම් බොහෝ දුරට අප ආරක්ෂා සහිතයි කියන එකයි. මුළු පවුලේම සතුට වෙනුවෙන් නිසි පරිදි හෑන්ඩ් වොෂ් එකක් තෝරා ගැනීමේ අභියෝගය නිරන්තරයෙන්ම ඔබ සතුයි .එහෙම නේද?
පොදු පරිසරයකදී සබන් කෑල්ලක් බොහෝ දෙනා අල්ලනව.ඉතින් සියලුම විෂ බීජ ඒ මත රැඳී පවතින්නට හැකියාව වැඩි නිසා එය safe නැහැ. ඒ වගේම තෙත ගතිය මත අහිතකර බැක්ටීරියා ,වෛරස වර්ධනය වීමේ ඉඩකඩ හරිම ඉහළයි.සබන් වල අඩංගු බොහෝ ද්‍රව්‍ය දෑත් වියලීමට ලක් කරනවා.ඒ වගේම දියර වර්ගයක් දෑත් මතට අඩු කාලයකින්,පහසුවෙන් වත්කරගත හැකි නිසා භාවිතය සබන් වලට වඩා හරිම පහසුයි .
අත් සේදීම නිවැරදි ව කිරීම සඳහා කාලයක් වගේ ම ක්‍රමයක් තිබෙනවා .
ගලාගෙන යන ජලයෙන් අත් සේදීම කළ යුතුයි .
සාමාන්‍යයෙන් බැක්ටීරියා හෝ වෛරස වැඩිපුරම රැඳෙන්නේ නියපොතු තුළ.ඒ නිසා අත් සේදීමේ දී නියපොතු ඇඟිලි කරු ආදිය හොඳින් අතුල්ලමින් සේදිය යුතුයි
අවම වශයෙන් තත්පර 30 ක කාලයක් වත් සේදිය යුතු වෙනවා.
කාලය මනින්න දෙයක් ඕනි නම් හැපි බර්ත් ඩේ ටූ යූ ගීතය හිතින් මුමුණන්න. ගීතය ඉවර වෙන කාලය නිවැරදිව අත් සේදීම ට ගතවන කාලයට සමානයි.
1.අත් දෙක තෙත් කරගෙන safeහෑන්ඩ් වොෂ් එකක් හොඳින් තවරාගන්න.
2.අත්ලේ ඇඟිලි එකිනෙක මත යවමින් හොඳින් අතුල්ලන්න.
3.ඇඟිලි ඇතුල් පැත්ත සහ නිය පොතු අතුල්ලා ගන්න.
4.මහපටගිල්ල මුල සිට සම්පූර්ණයෙන් ම රවුමට අතුල්ලන්න.
5.ඇඟිලි පොකුරක් ලෙස සාදා ගෙන අත්ල මත තබා ගෙන හොඳින් අතුල්ලන්න.
6.ගලා යන ජලයෙන් හොදින් සෝදා ගන්න.වියළා ගන්න.
පවුලේ පිරිසුදු බව නිතරම සියලුම දෙනාගේ සතුටට බලපානවා.ඒ එක් සාමාජිකයෙකු හෝ රෝගී වීමෙන් පවුලේ සතුට බිඳ වැටෙන නිසා.
ඒ වගේම මේ දිනවල කොවිඩ් වෛරසය නිසා ත් නිතරම අපි safe ද කියල සිතන එකත් හරිම වැදගත් .ඉතින් අත සේදීමට හෑන්ඩ් වොශ් හෝ වතුර නැති ඕනෑම මොහොතක පාවිච්චියට සුදුසු safe Sanitizer එකක් ඔයා ලගම තියාගන්න ත් අමතක කරන්න එපා.
ඉතින් මේ ක්‍රම සියල්ලම අනුගමනය කරනවා නම් ,නිවැරදි හෑන්ඩ් වොෂ් එකක් ,නිවැරැදි සැනිටයිස එකක් ඔබ තෝරාගෙන ඇති නම් ඔබේ පවුලම නිරෝගී බව ඔබ දන්නවා.ඒ සතුටේ හිමිකාරිය ඔබයි.
Saru FM Media