සතුටින් දවස ගෙවමුද ?

0
10


අපේ ජීවිතේ අපිටම අනන්‍ය වුණ විවිධ අරමුණු, බලාපොරොත්තු සහ අධිෂ්ඨාන තියෙනවා. 

ඔබටත් අනිවාර්යයෙන් ඒම ඇති. 

මේ අරමුණු, බලාපොරොත්තු සහ අධිෂ්ඨාන වල අවසානය කොතනද කියල මන් ඔබෙන් ඇහුවොත් එක්වරම ඔබට පිළිතුරක් දෙන්න අපහසු වේවී. 

නමුත් ටිකක් වෙලා කල්පනා කරල බැලුවොත් අපි මේ සියල්ලම අවසානයේ බලාපොරොත්තු වෙන්නෙ ජීවිතේ සතුට බව ඔබට හිතේවී.

නමුත් අපේ අරමුණු සහ බලාපොරොත්තු ඉෂ්ඨ වුණ දවසට විතරක්ද අපිට සතුටින් ඉන්න පුළුවන්. 

නැහැ. 

හැමදවසක්ම සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න අවසන් කරන්න අපිට පුළුවන්. 

අපි බලමුද ඒ කොහොමද කියල ? 

උදේම ඇහැරුන ගමන්ම ඔබ මොකද කරන්නෙ? 

මට විශ්වාසයි අපි ගොඩක් දෙනෙක් ඉස්සල්ලම අතට ගන්නෙ අපේ ජංගම දුරකථනය ඊට පස්සෙ ෆේස්බුක් සහ යූ ටියුබ් වගේ සමාජ ජාල වල අපි ටික වෙලාවක් සැරිසරනව. 

අපිට වෙනත් අයගෙ විස්තර, හද කම්පා කරවන දූෂණ සහ මිනීමැරුම් වගේ ප්‍රවෘත්ති අහන්න දකින්න ලැබෙනව. මේ ඔබේ දවස පටන් ගන්න හොඳ දේවල් නම් නෙමෙයි.

දවස පටන්ගන්න ඔබේ මානසිකත්වය මුළු දවසම ගත කරන විදිහ තීරණය කරන්න ලොකු බලපෑමක් ඇති කරනව. 

ඒ නිසා උදාවෙලා තියන අලුත් දවස ගැන ඒ දවසෙ ඔබට කරන්න තියෙන වැඩකටයුතු ගැන මතක් කරගන්න උදේ ඇඳේ වැතිරිලා ඉන්න ගමන්ම ඔබට පුළුවන්. ඔබ අද දවසෙ කරන්න තියෙන වැඩකටයුතු සියල්ලම සම්පූර්ණ කරන්න හැකි තරම් උත්සහ කරන බවත් ඔබ ඔබව සතුටින් සහ සැනසුමෙන් තියන්න උපරිමව කටයුතු කරන බවත් අධිෂ්ඨාන කර ගැනීම ගොඩක් වටිනව. 

දවස අරඹන්න ඔබ පානය කරන කැෆේන් අඩංගු කෝපි හෝ කිරි තේ කෝප්පය වෙනුවට කාමර ඌෂ්ණත්වයේ තියෙන වතුර වීදුරුවක් බොන්න කියල අපි ඔබට යෝජනා කරනව.

ශරීරය විජලනයෙන් තොරවීම දවස පුරාම හොඳ මානසික ක්‍රියාකාරීත්වයක් පවත්ව ගන්නත් මානසික ස්ථාවරත්වය පවත්ව ගන්නත් ඉතාම වැදගත් කියල පර්යේෂණ මඟින් සනාථ කරල තියෙනව. 

ඒ නිසා ඔබේ ශරීරයේ ඉන්ද්‍රයන් වලට අවශ්‍ය තෙතමනය ලබාදීලා ඒවගේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්ව ගන්න මේ පුරුද්ද ඔබට උදව් වෙනව. 

දිනකට අවම වශයෙන් වතුර ලීටර් දෙකක්වත් පානය කරන්න ඔබ මතක තබාගත යුතුමයි. 

උදව් කරන්න කීවම ඔබේ සැනසීම නැතිකරගෙන ඔබේ වැඩ කටයුතු පාඩු කරගෙන අපහසුවෙන් අන් අයට උදව් කරන්න අවශ්‍ය නෑ. 

ඔබ නොසිතන පුංචි පුංචි දේත් සමහරුන්ට ලොකු උදව්වක් වෙන්න පුළුවන්. 

පාරෙදි ඔබේ මුහුණට මුණ ගැසෙන කෙනෙක්ට හිනා වෙන්න. සමහරවිට ඇය හෝ ඔහු ලොකු ගැටළුව පීඩාවක ඉන්න කෙනෙක් නම් ඒ සිනහව ඔහුව හෝ ඇයව පොඩි වෙලාවකට හරි ඒ ගැටළු වලින් ඈත්කර තබාවී.

යම් වැඩක් කරගන්න අපහසුවෙන් ඉන්න ඔබේ කාර්යාල මිතුරෙකුට ඒ සඳහා උදව් වෙන්න, ඇය ඇදන් ඉන්න ඇඳුමට ඇය ලස්සනයි කියන්න වගේ පොඩි පොඩි දේවල් වලින් කෙනෙක්ගෙ දවසම ලස්සන කරන්න ඔබ නොදැනුවත්වම වුනත් ඔබට පුළුවන්.  

කෙනෙක්ගෙන් දැන හෝ නොදැන ඔබට වෙන වැරදි වලට එක සිතින්ම සමාව දෙන්න. නැවත නැවත ඒ වැරැද්ද අල්ලගෙන ඔවුන්ව පීඩාවට පත්කරන්න, රිදවන්න යන්න එපා. එයින් මානසික සතුට අහිමි වෙන්නෙ ඔබටමයි. 

ඒවගේම ඔබ කළ උදව් වලට ඔවුන්ගෙන් ප්‍රති උපකාර බලාපොරොත්තු වෙන්නත් එපා. ඒ උපකාරය ඔවුන්ගෙන් නොලැබුනොත් එයිනුත් ඔබට ඇතිවෙන්නෙ කණසල්ලක් නිසා ඔවුන්ට ඔබ කළ උදව්ව පවා අමතක කරන එක වඩා යහපත්. 

සිනහ වීම මානසික ආතතිය අඩු කරන්නත් සහ රුධිර පීඩනය හොඳ තත්වයෙන් පවත්ව ගන්නත් උපකාර  කරන බව පර්යේෂණ මඟින් තහවුරු කර තිබෙන බව ඔබ දන්නවද ? 

පැරණි කියමනක් තියෙනව “fake it til you make it?” කියල. ඒ කියන්නෙ “ඔබ එය ලබාගන්නා තුරු රඟපාන්න” කියලයි. 

ඔබ උදේ අවධි වුනේ ටිකක් ගැටළුකාරී තත්වයෙන් නම් එහෙමත් නැත්නම් ඔබ ඉන්නෙ ගැටළුකාරී තත්වයක නම් කණ්ණාඩියක් ඉදිරියට ගිහින් සිනහ වෙන්න කියල පර්යේෂකයන් සඳහන් කරනව. ඔබේම සිනහව ඔබව සන්සුන් කරනව වගේම ගැටළුකාරී තත්වයෙන් මිදෙන්නත් ඔබේ මානසට හොඳ තල්ලුවක් ලබාදෙනව කියලයි කියන්නෙ. 

මේක බොහෝ දෙනෙක්ට සාර්ථක වුණ ක්‍රමයක්. ඔබ දවස ඇතුළත කළ යුතු කාර්යන් තියෙනවනෙ. 

ඒව කළ යුතු අනුපිළිවෙලක් නැත්නම් ඔබ ඒ වැඩ වලින් අකමැතිම සහ අමාරුම කියල හිතන වැඩේ මුලින්ම කරල ඉවර කරන්න. 

ඔබේ හිතට හොඳ සැහැල්ලුවක් සැනසීමක් දැනේවී. ඉතිරි වැඩකටයුතු ඉවර කරන්න හොඳ ආරම්භයක් වගේම පහසුවකුත් ඔබට එයින් ලබාගන්න පුළුවන්. 

විනාඩි 10 ක් 15 ක් වගේ කාලයක් වැය කරල කොළ පාට පරිසරය් දිහා බලන් ඉන්න,ඔබ කැමති සින්දුවක් අහන්න නැත්නම් සංගීතයක් රසවිඳින්න හෝ වීඩියෝ පටයක් නරඹන්න අමතක කරන්න  එපා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here