සති දෙකෙන් කිලෝ 3ක් අඩු කරන යෝගට් ඩයට් ක්‍රමය

0
12


සිරුරේ අනවශ්‍ය බර නිසා පීඩා විඳින ඔබට අප විවිධ වූ ඩයට් ක්‍රම හඳුන්වා දුන්නා . මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ ඔබේ ශරීරයේ බර අඩුකරන එවැනි ඩයට් ක්‍රමයක් ගැනයි. ඒ තමයි yogurt diet .උදෑසන ආහාරයක් ලෙස මෙන්ම, අතුරුපසක් සහ සුළු සුලූ කෑමක් ලෙස ද යෝගට් ආහාරයට ගන්නට පුළුවන්. ප්‍රංශ කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය මෙම yogurt diet ක්‍රමය නිසා ශරීරයේ බර අඩු වීමට අමතරව තවත් සෞඛ්‍යමය වාසි කිහිපයක් ද ලැබෙනවා.

කැල්සියම් ඉහළ මට්ටමක පවතින නිසාත් , සෑම ආහාර වේලකින්ම ඔබ ශරීරයට ලබා ගත යුතු කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ මේදය යෝගට් වල අඩංගු නිසා යෝගට් යනු පරිපූර්ණ ආහාරයක් ලෙස සැලකෙනවා. ප්‍රෝටින් බහුල යෝගට් ආහාරයට ගැනීම මගින් ඔබට පරිපූර්ණ බවක් දැනී නැවත නැවත ආහාර ගැනීම අවම කිරීම මගින් ශරීරයේ බර ද පාලනය වනවා . ඒ වගේම මෙම ඩයට් ක්‍රමය මගින් දින පහලවක් තුළ කිලෝ දෙකත් ,තුනත් ප්‍රමාණයක් අඩුකර ගත අඩුකර ගත හැකි බව ඇතැම් පෝෂණවේදීන් පවසනවා.

උදෑසන ආහාරය

උදෑසනදී ඔබට සීනි රහිත හෝ අඩු සීනි තේ හෝ කෝපි කෝප්පයක් පානය කල හැක.

ඉන්පසුව මේද රහිත හෝ අඩු මේද සහිත යෝගට් එකක් ආහාරයට ගත හැක

එසේත් නැතිනම් ඔබට අඩු මේද සහිත පලතුරු රසැති යෝගට් එකක් ආහාරයට ගත හැක

දවල් ආහාරය

දහවල් ආහාරය සඳහා ඔබට බත් කෝප්පයක් , සැමන් ,බිත්තර , තම්බන ලද එළවළු , සලාද කොල වැනි දේවල් ආහාරයට ගන්නට පුළුවන්

එසේත් නැතිනම් ඔබට අඩු මේද සහිත යෝගට් එකක් හෝ දෙකක් සමග මිදි හෝ ස්ට්‍රෝබෙරි ආහාරයට ගත හැක.

රාත්‍රී ආහාරය

රාත්‍රී ආහාරය සඳහා ඔබට ඇපල් ,මිදි , ස්ට්‍රෝබෙරි, පෙයාස් වැනි පලතුරු කැබලි සමග අඩු මේද සහිත යෝගට් එකක් ආහාරයට ගත හැක

මෙම ඩයට් ක්‍රමය අතරතුර ඔබට කිසිදු කෙටි කෑමක් , පැණි රස ආහාර ,රසකැවිලි හෝ බිස්කට් ආහාරයට ගත නොහැක

උදෑසන තේ හෝ කෝපි කෝප්පයට පසුව නැවත තේ හෝ කෝපි පානය කළ නොහැක

අවශ්‍යම නම් පමණක් සීනි රහිත සම්පූර්ණ පලතුරු යුෂ වීදුරුවක් පානය කල හැකි අතර වෙනත් කිසිම පැණි බීම වර්ගයක් හෝ කෘතිම බීම වර්ගයක් පානය කළ නොහැක

යෝගට් වල කැල්සියම් ප්‍රමාණය ඉහළ නිසා මෙම ඩයට් ක්‍රමය වකුගඩු ආශ්‍රිත ගල් ඇති අයට එතරම් සුදුසු නොවේ

ඉතින් ඔබත් ශරීරයේ අනවශ්‍ය බර නිසා පීඩාවට පත්වෙලා ඉන්න කෙනෙක් නම් ඔබේ වෛද්‍යවරයා හරහා ඔබේ වර්තමාන ශරීර සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව මෙම ඩයට් ක්‍රමය අත්හදා බලන්නට ඔබට පුළුවන්. ඒ වගේම මෙම ඩයට් ක්‍රමය අතරතුර හොඳින් වතුර පානය කිරීම, ව්‍යායාම කිරීම , ඇවිදීම සහ දිවීම වැනි ක්‍රියාකාරකම්වල යෙදීම මගින් තවත් හොඳ ප්‍රතිපල ලබා ගන්නට ඔබට හැකියාව තියෙනවා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here