සතියකින් බර කිලෝ එකක් අඩු කරන නිවැරැදි ක්‍රමය

0
14


ශරීරයේ අනවශ්‍ය බර සහ අධික තරබාරුව බොහෝ ලෙඩ රෝගවලට මූලික වෙනවා.මේ නිසා ඔබ නිරන්තරයෙන් ම ඔබේ ශරීරයේ බර පාලනය කර ගැනීම ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ.ඒ සඳහා හොඳ ආහාර රටාවක් අනුගමනය කිරීම සහ ව්‍යායාම සැලැස්මක් අනුගමනය කිරීම ඔබට කරන්නට පුළුවන්. මේ ලිපියෙන් ඔබට කියන්නේ සතියක් ඇතුලත ඔබේ ශරීරයේ බර කිලෝ එකකින් අඩුකරගන්නට පුළුවන් වන ව්‍යායාම ක්‍රම කීපයක් ගැනයි

මෙය ඕනෑම කෙනෙකුට දවසේ උදේ කාලයේ හෝ සවස් කාලයේ පහසුවෙන්ම නිරත විය හැකි ව්‍යායාම ක්‍රමයක්.වේගයෙන් දිවීම හෝ ඇවිදීම මෙහිදී ඔබට කළ හැකි අතර වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.දිනකට විනාඩි 30 – 40 ක කාලයක් ඇවිදීම මගින් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට ඔබට පුළුවන්

පිහිනීම යනු මිනිත්තු 45ක සැසියකදී කැලරි පන්සියයක් දක්වා දහනය කිරීමට උපකාරී වන සම්පූර්ණ ශරීර ව්‍යායාමයකි.බර අඩු කර ගැනීමට උත්සාහ කරන ඔබ ව්‍යායාමයක් ලෙස පිහිටීම තෝරා ගන්නවානම් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගන්නට ඔබට පුළුවන්

රුධිර සංසරණ ක්‍රියාවලිය වැඩිදියුණු කරගැනීමට සහ දරා ගැනීමේ හැකියාව ගොඩනැගීමට අමතරව හෘද ව්‍යායාම වල නිරතවීම මගින් ඉතා හොඳින් බර අඩු කර ගැනීමේ හැකියාවද ලැබෙනවා.මිනිත්තු 10 ක cardio workout එහෙමත් නැත්නම් හෘද ව්‍යායාම මගින් කකුල් , උකුල් සහ පිටුපස මාංශපේශීන් ශක්තිමත් කරන අතර කැලරි 200 සිට 300 දක්වා දහනය කිරීමට හැකියාව ලැබෙනවා

HIIT exercises වල විනාඩි තිහක් අඛණ්ඩව නිරතවීම මගින් කැලරි 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දහනය කිරීමට හැකි වනවා.මෙහිදී ඔබ කරන කුමන ව්‍යායාමයක් වුවත් අධි තීව්‍ර තාවයකින් යුතුව කිරීම කල යුතු වනවා මෙන්ම මෙහි විශේෂත්වය වන්නේ ඔබ නිවසේ පිරිසිදු කිරීමේ කටයුත්තක් වුවත් නිසි කාල සීමාවක් ඇතුළත වේගයෙන් කිරීමත් තෝරා ගත හැකි වීමයි. ඊට අමතරව වේගයෙන් ඇවිදීම , දිවීම, පිහිනීම සහ බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් ද ඔබට කළ හැකියි

මෙය ඔබේ කලවා ප්‍රදේශවලට ලබා දිය හැකි හොඳම ව්‍යායාමයක් වගේම කලවා වල අනවශ්‍ය මේදය දහනය කර ගැනීමට කළ හැකි හොඳම ව්‍යායාමයක් .

මුලින්ම ඔබේ අත් දෙක ඉන දෙපසින් තබා ගන්න

ඉන්පසු දකුණු කකුල ඉදිරියට තබා අංශක 90 ට නවාගන්න .

පිටුපස කකුල ද නවාගෙන බිම ගෑවෙන නොගෑවෙන ප්‍රමාණයට තබා ගත යුතුයි

ඉන්පසුව එක කකුලකට පහළොස් වතාව බැගින් මාරුවෙන් මාරුවට අවස්ථා තුනක් කකුල් ඉදිරියට තැබීම සහ නැවත පෙර ඉරියව්වට පැමිණීම සිදුකල යුතුයි.

මෙම ව්‍යායාම ක්‍රම 5 සතියේ දින 7 ඇතුළත ඔබට අවශ්‍ය ආකාරයකට වෙන් කර ගෙන කල හැකියි. වැදගත් වන්නේ සතියට අනිවාර්යයෙන් දවස් 5 ක් ඉහත එක් ව්‍යායාමය බැගින් කිරීමයි. දින 5 ක් ඉහත ව්‍යායාම කරන ඔබ, ඔබේ ශරීරයේ ක්‍රියාකාරීත්වය සහ ශක්ති මට්ටම අනුව ඉතිරි දින දෙකේදී නැවත මුල සිට මෙම ව්‍යායාම ක්‍රම අනුගමනය කිරීමය පටන් ගත හැකියි .

එසේත් නොමැති නම් ඔබට අවශ්‍ය නම් දින තුනක් ව්‍යායාම කර එක් දිනක් විවේක ගෙන නැවතත් ඉතිරි දින තුන ව්‍යායාම වල නිරත විය හැකියි.

අනිවාර්ය ප්‍රතිඵල සදහා මේ දේවල් ද අනුගමනය කරන්න

මෙම ව්‍යායාම ක්‍රම අනුගමනය කරන අතරතුර හොඳින්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here