නිශ්මං රණසිංහ මැයි 19, කොළඹ LNW:
ආසියානු අවුරුදු 22 න් පහළ සහ ආසියානු යොවුන් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූ පළමු තරග ජය ගනිමින් ඉදිරියට පැමිණි සත්සර වර්ණකුලසූරිය සහ හංසජිත් ජයතිස්ස ඔවුන් මුහුණ දුන් දෙවන තරගවලදී පරාජය වුණා.කිලෝ ග්‍රෑම් 48 බර පංතියෙන් තරග කළ සත්සර කසකස්තානය වෙනුවෙන් තරග වදින කුමාරබෙකොව් නුර්ඛාන් හමුවේ ලකුණු 4-1 ක් ලෙස පරාජයට පත් වුණා.
කිලෝ ග්‍රෑම් 57 බර පංතියෙන් තරග වැදුණ හංසජිත් ජයතිස්ස පරාජය ලැබුවේ ද කසකස්තාන ක්‍රීඩක නිග්මෙට් නිග්මෙන් අතින් වූ අතර එහි විසඳුම දැක් වුණේ 5-0 ක් ලෙසයි.ඊට අමතරව මැයි 17 වන දින පැවති තරගවලදී කාන්තා කිලෝග්‍රෑම් 48 බර පංතියෙන් තරග වැදුණු පවනි මුතුගල 4-1 ක් ලෙස ඉන්දියාව නියෝජනය කරන කුමාරි චංචල් අතින් පරාජයට පත් වුණා.
රහීම් ජීනි සබ්රිනා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණේ කාන්තා කිලෝ ග්‍රෑම් 52 බර පංතිය සදහායි.ඇය එහිදී කසකස්තානයේ අබිදුමෙසිටෝවා රඛ්මිනා වෙතින් පරාජය ලැබුවා.සබ්රිනා සහ රඛිමිනා අතර තරගය අතරමැද නවතාලු විනිසුරුවරයා ජයග්‍රාහිකාව ලෙස රඛ්මිනාව තෝරා ගනු ලැබුවා.
Saru FM Media