සත්ව සංගණනයේ වාර්තාව හෙට එයි

0
9


සත්ව සංගණනයේ වාර්තාව හෙට දිනයේ ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මූලික අදියරේදී ලබා ගන්නා මෙම දත්ත පදනම් කර ගනිමින් ඉදිරියේදී මෙරට වන සතුන් සම්බන්ධයෙන් විද්‍යාත්මක විසඳුමක් ලබා ගැනීමට සැලසුම් කරන බවයි.

Neth Sound · LAL KANTHA 01

රටේම දැඩි ආන්දෝලනයක් ඇති කළ මෙම සත්ව සංගණනය සිදුකලේ ඉකුත් මාර්තු 15 වනදායි.

එදින පෙරවරු 08.00 සිට විනාඩි 05ක කාලයක් තම ගෙවත්තට පැමිණෙන රිලවා, වඳුරා, මොනරා සහ දඬුලේනා යන සතුන් ගණනය කර දැනුම් දෙන ලෙසටයි සියලු ජනතාවගෙන් ඉල්ලා තිබුණේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here