වෘත්තීය සමිති ව්‍යාපාරය හැටියට පසුගිය මැයි දිනවල දීත්, එතැනින් පිටත් විශාල සටන් පාඨ ප්‍රමාණයක් සහිතව අරගල බිම්වල සිටි අපි මේ මැයි රැලිය පවත්වන්නේ අපේ ආණ්ඩු බලයක් ලබා ගත් ජයග්‍රාහී පසුබිමකයි.
අපට තිබුණු සටන් පාඨ සමහර ඒවා ජයග්‍රහණයෙන් කෙළවර කළත්, සමහර ඒවා ජයග්‍රහණයෙන් කෙළවර කරන්න බැරි වුණා. ඒ සියල්ල මැද්දේ වැඩ කරන පන්තියේ රාජ්‍ය බලයක්, ආණ්ඩු බලයක් සහිත විජයග්‍රහණයකින් යුක්තව මේ මැයි රැලිය පවත්වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, අමාත්‍ය, කේ. ඩී. ලාල් කාන්ත පැවසී ය.
මින් ඉදිරියට සෑම මැයි දිනයක් ම ජාතික ජන බලවේගයේ රාජ්‍ය බලය යටතේ සැමරීමට මේ රටේ ජනතාව පෙළගැසී සිටින බව ද, ආණ්ඩුවේ පළමුවැනි අය-වැයෙන් ම රාජ්‍ය අංශයේ මෙන් ම පෞද්ගලික අංශයේ ද ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත් පෙර වැටුප් වැඩි කර දී ඇති බවත්, ගොවි සංවිධාන, ශිෂ්‍ය ව්‍යාපාරය, ධීවර සංවිධාන ඇතුළු සියලු සංවිධානවලට අදාළව එක සටන් පාඨයක්වත් නැතිව මේ අය-වැයෙන් අයිතිවාසිකම් තහවුරු කර තිබෙනවා. ඒ නිසා මෙතැන් සිට ඉදිරියට සෑම මැයි දිනයක් ම ජනතාවට ජයග්‍රහණ ලබා දී සැමරීමට කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේ ය.
මෙතෙක් ඉතිහාසයේ විශාල ම වැටුප් වැඩි කිරීම සිදු කර ඇති බවත්, ජීවන වියදමට සරිලන ආකාරයට විශ්‍රාමිකයන්ගේ පවා වැටුප් වැඩි කර ඇති බවත් හෙළි කළේ ය. විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් විසැඳිය යුතු තවත් ගැටලු ප්‍රමාණයක් ඇති බව ද ඇමැතිවරයා පැවසී ය. ජාතික ජන බලවේගයේ ‘රට හදන ජන බලය පෙළගැසෙන’ මැයි රැලිය කොළඹ ගාලුමුවදොර පිටියේ දී ආරම්භ වන අවස්ථාව වන විටත් අතිවිශාල ජනකායක් රැස් වී සිටියහ.
එම රැලියට චීනය, ඉන්දියාව සහ වියට්නාමය යන රටවල වාමාංශික පක්‍ෂ නියෝජනය කරමින්, ආරාධිතයන් රැසක් සහභාගීවී සිටීම ද විශේෂත්වයකි. පසුගිය දිනවල මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශවලට ඇදහැලුණු මහා ධාරානිපාත වර්ෂාවෙන් විවිධ බාධා සිදු වී තිබුණ ද, ඒ සියල්ල මැඬගෙන මෙම ජනතාව සහභාගී වී සිටීම විශේෂත්වයකි.
Saru FM Media