සජින් වාස් ගුණවර්ධන ඇප මත මුදා හැරේ!

0
4

රෂිකා හෙන්නායක මාර්තු 31, කොළඹ LNW :

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබා දී තිබේ.

අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව සිදු කළ විමර්ශනවලදී, අදාළ කාල සීමාව තුළ සිදු කළ විදේශ සංචාර සහ බැංකු ගිණුම්වල පැවති විශාල මුදල් ගනුදෙනු පිළිබඳව කරුණු අනාවරණය විය.

විත්තියේ නීතිඥවරුන් එම මුදල් දේපළ විකිණීමෙන් ලැබුණු ඒවා බවට තර්ක කළ අතර, ඒ පිළිබඳව වූ ලේඛනද අධිකරණයට ඉදිරිපත් කර ඇත.

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුට විදේශ ගමන් තහනමක් පනවමින් සහ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දීමට නියෝග කරමින් ඇප මත මුදා හැරීමට පියවර ගත්තේය.

මෙම නඩුවට අදාළ ඉදිරි විභාග කටයුතු අගෝස්තු මස 22 වනදා යළි කැඳවීමට නියමිතව ඇත.

The post සජින් වාස් ගුණවර්ධන ඇප මත මුදා හැරේ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here