සජිත් සහ ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනිය අතර විශේෂ හමුවක්

0
16


ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි ශ්‍රීමත් කැමරන් මොන්රෝ අතර හමුවක් සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාවට හිමිව ඇති GSP+ සහනයෙන් පූර්ණ ප්‍රයෝජන ගන්නවා ද යන්න මෙම හුමුවේ දී කරුණු සකච්ඡා වී ඇති බවයි වාර්තා වුණේ.

ඇමරිකානු තීරුබදු පැනවීම මත, නව අපනයන අවස්ථා විවෘතකර ගැනීමට යුරෝපා සංගමයේ හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීමේ වැදගත් කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මේ අතර විපක්ෂ නායකවරයා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්‍රැන්කොවිග් සමඟ සුවිශේෂී හමුවක් අද (04) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකාව ඉතාලිය සහ යුරෝපය පිළිබඳ අප රටක් ලෙස තවදුරටත් කරුණු කාරණා ගවේෂණය කළ යුතු බව මෙහි දී සාකච්ඡා වී ඇති අතර, රටවල් තුළ තවමත් උපයෝගී කර නොගත් විභවයන් සහ නව අවස්ථා පවත්නා බවයි මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත්තේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here