සජිත් විපක්ෂ නායක ධුරයෙන් නෙරපා හැරලා ද? – Saru News | සිංහල

0
11

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී, චමින්ද්‍රාණි කිරිඇල්ල සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමිල ප්‍රසාද් සිරිවර්ධන යන අයද සමග නාමල් රාජපක්ෂ ඉන්දීය සංචාරයක යෙදී තිබෙන්නේ විපක්ෂ නායක ලෙස පෙනී සිටිමින් බව අනාවරණය වී තිබේ.

ඉන්දියාවේ 77වැනි ජනරජ දිනය නිමිත්තෙන් පෞද්ගලික කාර්මික සහ විශ්වවිද්‍යාලයක් විසින් සංවිධානය කර තිබූ, උත්සවයක අමුත්තෙකු ලෙස නාමල් රාජපක්ෂ සහභාගී විය. එම පෞද්ගලික විශ්වවිද්‍යාලයේ හිමිකරු වන අච්යුතා සමන්තා (Achyuta Samanta) ඔහුගේ සමාජ ෆේස් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක ලෙස හඳුන්වා දී තිබිණි. මෙම හඳුන්වා දීම කර තිබුණේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ද එම සංචාරය සඳහා සහභාගී කරවාගේන සිටින අතර වීම විශේෂත්වයකි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here