සජිත් නොදරුවෙක් කළ විජේවීර සර් – Saru News | සිංහල

0
6

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පිරිස ගෙනයන පදනම් විරහිත අවලාදවලට එරෙහිව පොදු සමාජය මේ වනවිට දැඩි ප්‍රතිචාර දක්වමින් සිටී.

එම අවලාද නගන්නන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී කටයුතු කරන අතර පොදු ජනතාව විවෘත තලයක සිට අදහස් දැක්වීම විශේෂත්වයකි.

2023 සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථයක් අත්පත්කරගත් බුත්තල නියදැල්ල විදුහලේ එවකට පුරෝගාමී කටයතු රැසක් මෙහෙය වූ හිටපු විදුහල්පති රුවන් විජේවීර මේ වනවිට මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකි. එම මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාසට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාඩමක් කියාදීමෙන් පසුව පැරණි සමාජ මාධ්‍ය සටහනක් නැවත වේගයෙන් සංසරණයවෙමින් පවතී.

සජිත් ප්‍රේමදාසගේ අපරිණත දේශපාලනය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධනෙග් කැපකිරීම් පිළිබඳව විමර්ශය කළ හැකි ෆේස්බුක් සටහන මෙන්ම පාර්ලිමේන්තුවේ විඩීයෝව සාමාජමාධ්‍යයෙන් උපුටාගෙන පහතින් දැක්වේ.

ෆේස්බුක් සටහන

දරුවෝ විභාගෙ සමත් වුන සතුටට රතිඤ්ඤා දාලා කේක් කපපු ගමක්..🥹❤️

මේ සටහන අවුරුදු 2කට කලින් (2023-12-02) අපි දාපු එකක්…ආයෙත් කියවලම බලන්න…😊

“බුත්තල නියදැල්ල කියන්නේ කාලෙකට කලින් ත්‍රස්තවාදි කලබල නිසා මායිම් ගම්මාන‍යක් වෙලා තිබුන ප්‍රදේශයක්…

මර බියෙන් ජිවත්වුන ගමක අහිංසක වැසියෝ පිරිසක් ඉන්න ගම්මානයක්…

මේ ගම්මානයේ තිබුන පොඩි ඉස්කෝලෙ තමයි නියදැල්ල කියන්නේ…

මිට අවුරුදු 03කට කලින් ඒ ඉස්කෝලෙට අලුත් විදුහල්පතිවරයෙක් පත්වෙලා යනවා…

ඒ බුත්තල දුටුගැමුනු ජාතික පාසලේ සේවය කල රුවන් විජේවීර සර්….❤️

ඒ යනකොටත්  ඒ පාසලේ දරුවෝ එන්න එන්නම අඩුවෙලා තිබුනා…

ළමයි අස්කරගෙන පුලුපුලුවන් විදිහට දෙමව්පියෝ නගරේ පාසල්වලට දැම්මේ හරියට අධ්‍යපනයක් ලැබුනේ නැති නිසා…

පුලුවන්නම් හරියට කරනවා බැරිනම් දාලා එනවා.. කියලා පත්වීම භාරගත්ත මේ අලුත් මුල්ගුරුතුමා දරුවන්ගේ අධ්‍යපනය විතරක් නෙවයි විනය,  ගුණධර්ම, විෂය සමගාමි ක්‍රියාකාරකම්,අමතර දැනුම,විනෝදය,ශිෂ්‍යනායක පරිසර වැඩසටහන් එකීනොකි  සියලු දේ පාසල තුල ක්‍රියාත්මක කරන්න පටන්ගත්තා..😊

ගුරුවරුන් අතර අලුත් ප්‍රබෝධයක් ඇතිවුනා..ඔවුන්ගේ ආකල්ප කුසලතා වැඩිදියුණු කරන්න කලාප කාර්යාලයේ කලාප අධ්‍යපන අධ්‍යක්ෂකතුමා කොට්ඨාශ කාර්යාලයේ ධර්මසිරි මහතා වගේම දුටුගැමුුණූ ජාතික පාසලේ හිටපු විදුහල්පති ආර් එම්  සෙනවිරත්න මහතා ගේ සහය ලබගත්තා…

දෙමව්පියන් මේ වෙනස දකින්න පටන්ගත්තා..

ඉස්කොලෙ බලා ඉද්දි  දියුුණු වෙනවා කියලා දැනෙන්න පටන්ගත්තා..

තමන්ගේ දරුවන්ගේ වෙනස ඔවුන් දැක්කා . නිතර නිතර ඉස්කොලෙ පැත්තේ ඇවිල්ලා යන්න පුරුදු වුනා…

අඩුපාඩු හොයලා බලන්න කටයුතු කළා.. පාසල් සංවර්ධන සමිති ශක්තිමත් වුනා…

සර් අපේ ළමයි සාමාන්‍ය පෙළ කරන්න යවන්නේ කොහොමද කොහෙටද කියලා අහනකොට මේ රුවන් විජේවිර සර් ගත්කටටම අපි සාමාන්‍ය පෙළ පංතියක් ආරම්භකරමු කියලා කිව්වා…

ඕක කරන්න පුලුවන් වෙයිද කියලා සමහරු ඇහුවේ නෝක්කාඩුවට වගේ..

අපි පටන්ගමුකෝ…

මොකද බැරි බලාගෙන ඉන්නකො…කියලා 2019 09 පතියේ හිටපු දරුවො ටික වෙනුවෙන් පළවෙනි පියවර තැබුවා..❤️

විෂයන් සම්බන්යෙන් තියෙන දැනුම මුලින්ම බැලුවේ ප්‍රශ්න පත්‍රයක් දීලා…

ඉංග්‍රිසි විෂයට බිංදුව,ලකුණූ 4 ගත්ත දරුවෝ පවා හිටියා ඔක්කොම ලකුණූ 10ට වඩා අඩුයි ..😪

ඉංග්‍රිසි විෂයේ  වගකීම ලොකු සර් භාරගත්තා..

අනෙක් ගුරුවරුත් විෂයන් ටික බෙදාගත්තේ ලොකු සර් ට හයියක් වෙන්න…

ඔන්න හාහා පුරා කියලා පංතිය පටන්ගත්තා..

ඉන්න තැනක්…? ඊලග ප්‍රශ්නය ..😥

දෙමව්පියෝ හයියට හිටියා..සර් අපි ගොඩනැගිල්ලක් හදමු..මේ කොරෝනා කාලේ ..කොහොමද ඒක කරන්නේ..?? අපි වැඩේ කරමු සර් ..❤️

දෙමව්පියෝ හයියට එහෙමයි කිව්වේ…

ගමේ අය වැලි ටික ගොඩ දැම්මා…,හිතවතුන් පරිත්‍යාගශිලින්, ධානපතීන් උදව් උපකාර කළා… විදෙස් හිතවතුන් උදව්කළා….

ලක්ෂ 80ක් වටිනා ගොඩනැගිල්ලක් මාස හයකින් හැදුනා..😊

ශත පහකවත් රජයෙන් ලැබුනේ නෑ…වැඩකරපු හැම දවසක්ම කැපකළේ  දෙමව්පියෝ…ඒ අයගේ දාඩිය සුවද ඒ ගොඩනැගිල්ල පුරාම තිබුනා….

කතාව ඉවර නෑ…..👇

අලුතෙන්ම ආරම්භ කරපු සාමාන්‍ය පෙළ  දරුවෝ ටිකකට ඒ අලුත් ගොඩනැගිල්ලෙ පංති කාමරය  දුන්නා….

විභාගටෙ දරුවෝ සුදානම් වුනා ….

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කළා, දිවයිනේ පලාත් හය හතක ආදර්ශ ප්‍රශ්නපත්‍ර සිය ගනනක් කළා… උත්තර ලිව්වා..

ඔන්න ප්‍රතිපල ආවා…🥹

ඉස්කෝලේ  සාමාන්‍ය පෙල විභාගේ ලියපු හැම දරුවෙක්ම පාස්…හැම විෂයක්ම…

ආඩම්බර නැද්ද…🙏🥹❤️

දෙමව්පියන්ගේ ඇස්වළ සතුටු කදුලු

ඇයි දරුවන්ගෙත් එහෙමයි..විදුහල්පතිතුමා..ගුරුමණ්ඩලයේ..ඔවුන්ට සතුට දරාගන්න බෑ…🥹

A පහයි B හතරයි  හොදම සාමාර්ථය අරගත්තේ සිතුමිනි ප්‍රබෝධා දියණිය..🙏

ඉතිහාසයේ කවදාවත් මෙහෙම සතුටක් ගමේ අයට දැනිලා තිබුනේ නෑ..😊

 ලොකු සර්ගේ අවසරය අරන් පාසල ඉදිරිපිට රතිඤ්ඤා පත්තුකරලා සතුට සැමරුවා..කේක් කැපුවා…

වැල්ලවාය  කලාපයේ කෙලවරක තිබුන,වැහෙන්න ගියපු පාසලක් ඒකේ තිබුන මැණික් කැට ටික හොයගෙන ඔපමට්ටම් කරලා වටිනාකමක් එකතුකරලා එළියට දැම්මේ  ඔන්න ඔහොමයි…❤️

නිවැරදි මගපෙන්විමක් නායකත්වයක් දුර දැක්මක්  තියෙනවනන් මොනාද කරන්න බැරි…

නෑ බෑ කියනවාට වඩා තියෙන තැනින් පටන්ගැන්මයි ඕන වෙන්නේ…

එහෙම වුනාම මෙහම ප්‍රතිපළ පෙන්නන්න පුලුවන්…

ඉතිං දරුවනේ …විශිෂ්ටයෝ වෙන්න හදවතින්ම සුභ පැතුම්…🙏❤️

මගපෙන්වු සියලු ගුරු භවතුන්ට,හයියක්වුන දෙමවිපියන්ටත්..!”

ඔන්න ඔය කතාවෙ ඉන්න ඒ දක්ෂ විදුහල්පතිතුමා තමයි අද මාලිමාවෙ මොණරාගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී “රුවන් විජේවීර”…😊

පහුගිය දවසක සජිත් ප්‍රේමදාස පොතක් පෙරලගෙන මහ සද්දෙට, කඩ්ඩෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කරපු මෝda විවේචනයට…ප්‍රේමදාසගෙ රෙදි ටික ගැලවෙන්න සැර උත්තරයක් දුන්නෙ මෙන්න මේ රුවන් විජේවීර මන්ත්‍රීතුමා..! හිටපු විදුහල්පතිතුමා…! ❤️



0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here