අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහා ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සන් එකතු කර ගැනීමට නොහැකි වී සිටින සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහර දීමේ ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
මේ බව තහවුරු වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඍජුව මන්ත්‍රීවරයා එල්ල කර ගනිමින් දැඩි විවේචනයක් එල්ල කිරීමත් සමඟ ය. ඊට අමතරව, හර්ෂ ද සිල්වා ප්‍රමුඛ තවත් මන්ත්‍රීවරු පිරිසකට එරෙහිව විවිධ අවලාද නැගීමේ සැලසුමක් සකස් කර තිබේ. මේ වනවිට වාර්තා වී ඇති අන්දමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාධනීය විවේචන දරන විපක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ට එරෙහිව විවිධ ආකාරයෙන් අවලාද නැගීමට සැලසුම් කර තිබේ.
විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාර දීමට අවශ්‍ය අවම මන්ත්‍රීවරුන් 20 ක අත්සන් ලබා ගැනීමට පවා සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පිරිස අසමත් වී සිටී.
4
Saru News










