සජිත්ගේ තීරණයට එජාපයේ පැසසුම්

0
1

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ වගකීම බාර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එජාප – සජබ එකතු කිරීමේ වැඩ කටයුත්තට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකවම ඉදිරිපත් වීම පිළිබඳව විශේෂ කෘතඥතාවය පළ කරන බවද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් අවධාරණය කර සිටී.

එජාප – සජබ එකතුව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ සහ ජාතික සංවිධායක සාගල රත්නායක මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමටද එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සියලු සාකච්ඡා ඉහත ත්‍රිපුද්ගල කමිටුව විසින් මෙහෙයවන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here