කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් පවතින අශුද්ධ සන්ධානයේ සජිත් පිලට රනිල් වික්‍රමසිංහ නවතම කොන්දේසි ඉදිරිපත් කර තිබේ.
එම කොන්දේසි අතර ප්‍රධාන වී තිබෙන්නේ සජිත් පිලෙන් නගරාධිපති නම් කිරීමේ අවස්ථාව ලබා දී එසේ නම් කිරීම කරන්නේ කවුදැයි තීරණය කිරීම රනිල් වික්‍රමසිංහ විසින් කළ යුතු බව ය. කොළඹ නගර සභාව කේන්ද්‍ර ගත කර ගනිමින් මේ වනවිටත් සාකච්ඡා වට ගණනාවක් විවිධ පාර්ශව විසින් පවත්වා තිබේ.
එම සාකච්ඡා පැවැත්වෙන අතර, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මෙන් ම, පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් ද දින කිහිපයක් තුළ එකිනෙකට පරස්පර විරෝධී අදහස් පළ කර තිබිණි.
Saru FM Media