සජබ සංවිධායකවරු දැඩි තීරණයක – කොළඹ බලය නිසා මරික්කාර් කණගාටුවෙන්

0
3


සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා. 

පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා පක්ෂයේ නිර්නායක අනුව නියෝජිතයින් තෝරා ගැනීමේදී මතුව ඇති ගැටලුවක් හේතුවෙන් මෙලෙස එම සංවිධායකවරු සිය සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව බණ්ඩාරවෙල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පසුගියදා සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ බව නිල වශයෙන් පක්ෂයට දැනුම් දී තිබුණා. 

එමෙන්ම හොරොව්පතාන ආසන සංවිධායක අනුර බුද්ධික මහතා, දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න මහතා, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල මහතා තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර ගාල්ල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

Neth Sound · SJB BANDULAL 01

කොළඹ මහනගර සභාවේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාගෙන් මාධ්‍යවේදීන් මෙලෙස ප්‍රශ්න කළා. 

Neth Sound · MARIKKAR 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here