සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය
සමගි ජන බලවේගය නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරියේදී පොදු දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී ඇත.
එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පෙරේදා (09දා) සවස එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට කබීර් හෂීම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර ඇත. එම කමිටුව එක්සත් ජාතික පක්ෂය සමග එකතු වී ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව සටන් කරන ආකාරය සහ ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් තරග කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව එම කමිටුව මගින් නිර්දේශ ලබාදීමට ද නියමිතව ඇත.
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.
අද පැවති සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී සමගි ජන බලවේගයේ නායකත්වයෙන් මූලිකත්වයෙන් සහ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට සහ පොදු ක්‍රියාමාර්ගයකට දේශපාලන වශයෙන් ප්‍රවේශ වීමට ඒකමතික තීන්දුවකට එළඹුණා. ඒ සඳහා සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඒකමතික අනුමැතිය ලැබුණා.
විශේෂයෙන්ම රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන ගැටලුවලට විසඳුම් ලබා දීමට ප්‍රායෝගික ප්‍රතිපත්තිමය එකඟතාව මත සමගි ජන බලවේගයේ නායකත්වයෙන් එජාපයත් සමග එකතු වී පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් කටයුතු කරන්න අපි සූදානම්ව සිටිනවා.
අකිත පෙරේරා
Saru FM Media