හැකි නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ක්‍රියාකරන ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවට අභියෝග කර සිටී. එහි මහලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂ කාර්යාලයේදී අද (03දා) මාධ්‍ය හමුවක් පවත්වමන් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී ඔහු මෙසේද කීය.
කොට්ඨාස ක්‍රමයට පළාත් සභා පවත්වන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් තවම පියවරක් ගෙන නැහැග කෙසේ නමුත් පළාත් සභා ක්‍රමය පැරණි ක්‍රමයට පවත්වන ලෙස අපි ඉල්ලා සිටියා. සරල බහුතරයකින් එම පරණ ක්‍රමය සම්මත කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා සහාය දෙන්න සමගි ජනබලවේගය සුදානම්. කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පවත්වන්න විශාල කාලයක් ගතවෙනවා. ආණ්ඩුව කෙරෙහි ජනතාවට තිබෙන කැමැත්ත මේ හරහා බලාගැනිමට හැකියාව තිබෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ජනවාර්ගික අර්බුදයට උත්තරය , ජනතාවගේ කැමැත්ත අකමැත්ත බැලිම පළාත්සභා මැතිවරණය හරහා තිරණය කිරීමට හැකියාව තිබෙනවා.
Saru FM Media