කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මැතිතුමාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලිස්පතිවරයා විසින් ලබාදුන් ආරක්ෂාව පිළිබඳව මාධ්‍යයට පොලිස්පතිවරයා කළ ප්‍රකාශයක් සමගි ජන බලවේගයේ අවධානයට යොමුව ඇත.
දේශපාලනික නොවන කරුණු කාරණා මත මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් කරනු ලබන ප්‍රකාශය තුළ මන්ත්‍රීවරයා වෙනත් අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවකට හෝ තර්ජනයක් එල්ල වී ඇති බව හැඟේ.
එය කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීම පොලිස්පතිවරයාගේ වගකීමකිග එසේ නොමැතිව වක්‍රෝත්තියෙන් ප්‍රකාශ සිදු කිරීම තුළ මහජන සේවාවේ නිරත මන්ත්‍රීවරයෙකුට සිදු කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස එය අපි තරයේ හෙලා දකිමු
මෙම ප්‍රකාශය තුළ ඉස්මතු වන්නේ පැමිණිලිකරු චූදිතයා බවට පත්කිරීමත් වින්දිතයා අපරාධකරුවෙකු බවට පත්කිරීමේත් උත්සාහයක් බව අපි අවධාරණය කරමු
වර්තමානයේ ආණ්ඩුව සිදු කරනු ලබනුයේද සියලු සිදුවීම් අනීතික ක්‍රියාවල නිරත වීම හෝ සම්බන්ධකම් නිසා සිදුවූවා යැයි කියනු ලබන ප්‍රකාශයකට ලඝු කිරීමයි.
ආණ්ඩුවේ ප්‍රචාරක සැලැස්මට අනුගතව පොලිස්පතිවරයා කරනු ලබන ප්‍රකාශ ස්වාධීන පොලීසියක පැවැත්ම පවා ප්‍රශ්ණ කරනු ලබන්නකි.
ස්වාධීන පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිවරයාට පවරාදෙමින් පොලිස්පතිවරයාට සිතන ආකාරයට ප්‍රකාශ නිකුත් කරමින් සිදු කරනු ලබන මෙම ක්‍රියාවලියන් තුළ රට මර්ධනකාරී පොලිස් රාජ්‍යයක පැවැත්මක අඳුරු සෙවනැල්ල අපි දකිමු.
මෙම අනතුර සියලු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය තුළ ක්‍රියා කරන අයවලුනගේ අවධානය යොමු විය යුතු බව අපි පෙන්වා දෙමු.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීම මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරන පොලිස් මෙහෙයුම් තුළින් සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට දරන පටු දේශපාලන න්‍යාය පත්‍රයක කොටසක් ලෙස ජගත්විතාන මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව පිළිබඳ තීරණය ලඝු කිරීමට එරෙහිව අපි ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නෙමු
Saru FM Media











