සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් “ලොකු පැටී” නැමැත්තා අද දිනයේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින්.
බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන සිටි ලොකු පැටී නැමැත්තා මෙරටට රැගෙන ඒම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඉකුත් දා එරට බලා පිටත්ව ගියා.
ඒ අනුව ලොකු පැටී නැමැත්තා බෙලරූස් රාජ්‍යයේ සිට ඩුබායි වෙත රැගෙනවිත් එතැන් සිට මෙරටට රැගෙන ඒමට නියමිත බවයි පොලිස් ආරංචිමාර්ග අනාවරණ කළේ.
Saru FM Media