සංචාරක ප්‍රලේශපත්‍ර විභාගකරුලෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

0
4


අල්ලස් ලෙස රු.1,500/-ක මුදලක් ලබාගත් සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කැළණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.

වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පසුගිය සතියේ.28 වන දින කොම්පඤ්ඤ වීදය දුම්රිය ස්ථානය හරහා ගමන් කළ බවට චෝදනා කරමින්, පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත භාරයට ගෙන, එසේ භාරයට ගත් ජාතික හැඳුනුම්පත නැවත පැමිණිලිකරුට ලබාදීම සඳහා රු.3,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා.

ඊයේ දින එම මුදල රු.1,500/-ක් දක්වා අඩු කර අල්ලස් ලෙස ලබා ගැනීමට යාමේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා අංක 7 – 8 හි පිහිටි සංචාරක ප්‍රවේශ පත්‍ර පරීක්ෂක කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here