සංචාරක දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ

0
3


ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවටට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළවය.
පැමිණිලිකරු වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව ඉකුත් මස 28 වෙනි දින කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හරහා ගමන් කළ බවට චෝදනා කරමින් පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත භාරයට ගෙන එසේ භාරයට ගත් හැඳුනුම්පත නැවත පැමිණිලිකරුට ලබාදීම සඳහා රුපියල් 3000ක් ඉල්ලා තිබේ. එම මුදල රුපියල් 1500ක් දක්වා අඩු කර අල්ලස් ලෙස ලබා ගැනීමට කටයුතු කර ඇත.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සැකකාර සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ආදළ මුදල කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා අංක 7-8 හි පිහිටි සංචාරක ප්‍රවේශ පත්‍ර පරීක්ෂක කාර්යාලය තුළදී ලබා ගන්නා අවස්ථාවේදීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here