සංචාරක කර්මාන්තය ගැන අනතුරු ඇඟවීමක්!

0
3


රෂිකා හෙන්නායක

ඉන්දියාව සහ පාකිස්තානය අතර මතුවී ඇති ගැටලුව යුධමය තත්ත්වයක් දක්වා වර්ධනය වුවහොත් මෙරට ආර්ථිකයට ද බලපෑම් ඇතිවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි. 

මෙරට සංචාරක ක්ෂේත්‍රයට සහ වරාය ආශ්‍රිත ආර්ථික කටයුතුවලට එමගින් බලපෑම් ඇතිවිය හැකි බව, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනය අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින උණුසුම් වාතාවරණය තීව්‍ර වීමෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයට බලපෑම් ඇති වුවහොත් තවත් ක්ෂේත්‍ර කිහිපයක් අඩපණ වීමට ද හැකියාවක් ඇති බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here