සංචාරකයින් අතරින් 45% ක් පමණ නැවත ශ්‍රී ලංකාවට එන්න කැමැතියිලු

0
1

පසුගිය  මාස 12ක් තිස්සේ සිදු කරන ලද ජාතික සංචාරක සමීක්ෂණයක දී ඒ සඳහා සහභාගී වූ සංචාරකයින් අතරින් සියයට 45 ක් පමණ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව පවසා ඇත.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමග එක්ව ඕස්ට්‍රේලියාවේ MDFආයතනය විසින් 2024 වසරේ ජුලි සිට 2025 වසරේ ජුනි දක්වා කාලය තුළ මේ සමීක්ෂණය සිදුකර ඇත.

ජාතික ගුවන්තොටුලින් සංචාරක පිටවීම් ඇසුරින් මේ සමීක්ෂණයක් සිදු කර තිබේ. ජාතික ගුවන්තොටුපොළ පිටවීම් සමීක්ෂණයට අදාළ වැදගත් තොරතුරු නිල වශයෙන් ජනගත කිරීමද අද (27) සිදු කෙරිණි

සමීක්ෂණය සඳහා සහභාගී වූ සංචාරකයින්ගෙන් සියයට  46 ක් වයස අවුරුදු 20-35 අතර තරුණ සංචාරකයින්
වේ. ඔවුන්ගෙන් සියයට 46 ක් මාර්ගගත සංචාරක ඒජන්තවරුන්ගේ සහාය ගෙන ඇත. ඉතිරි සංචාරක පිරිස එවැනි සේවා ලබා නොගත් ස්වාධීන සංචාරකයින් විය.
සංචාරකයින් වඩාත් ප්‍රිය කළ අත්දැකීම් අතර වෙරළ තීරයන් ඉදිරියෙන්ම තිබෙන බවත් ගාල්ල, ඇල්ල, සහ සිගිරිය
වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි ගමනාන්ත බවත් එම සමීක්ෂණය සඳහා සහභාගී වූ සංචාරකයින් පවසා ඇත.
මේ සමීක්ෂණය සඳහා සහභාගී වූ සංචාරකයින් අතරින් සියයට  58 ක් කාන්තාවන් විය. එසේම එම සංචාරකයින්ගෙන් සියයට 18 කට වැඩි පිරිසක් මීට පෙරද ශ්‍රී ලංකාවට පැමිණි අය වේ.
අදාළ සමීක්ෂණය පදනම් කර ගත් වඩාත් ගැඹුරු අන්තර්ගතයන් සහ ප්‍රතිපත්තිමය නිර්දේශ ඇතුළත් දීර්ඝ වාර්තාවක් ලබන වසර (2026) මුල් භාගයේදී නිකුත් කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. 

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here