අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.Sri Lanka Latest News
88 හැවිරිදි පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන් වහන්සේගේ නිවසේදීය.
ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප් වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.
ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන් වහන්සේ එක්වුණි.
අද දින සිට දින 9ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර සියලුම කාදිනල් හිමිවරුන් වතිකානයට කැදවීමටද පියවර ගෙන ඇත.
Saru FM Media