ශීත කාලගුණයෙන් ගාසා තීරයේ ළමා මරණ ඉහළට

0
8

පවතින ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාසා තීරයේ ළමා මරණ ඉහළ යමින් මානුෂීය අර්බුදකාරී තත්ත්වයක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ, ශීත කාලගුණ තත්ත්වය ආරම්භයේ සිට මේ දක්වා ළමුන් 10 දෙනෙකු අධික ශීතල හේතුවෙන් මියගොස් ඇති බවය.

මේ හේතුවෙන් එරට මානුෂිය තත්ත්වයේ බරපතළ පිරිහීමක් පිළිබිඹු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ශීත කාලගුණයට ඔරොත්තු දිය හැකි ආවරණ නොමැති වීම සහ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල නවාතැන් ගෙන සිටින පවුල්වල දරුවන් මෙලෙස මියයාමේ අවදානමට ලක්ව ඇති බව සඳහන්ය.  

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here