ශිරන්තිටත් FCID එන්න සති දෙකක් දෙන්නලු – Saru News | සිංහල

0
11

පෞද්ගලික හේතුවක් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බවත් ඒ සඳහා සති දෙකක් ලබා දෙන ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ එම ‍කොට්ඨාසය වෙත නීතීඥයෙකු මාර්ගයෙන් ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇයට අද පෙරවරු 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය සිකුරාදා දිනයේ දැනුම්දීමක් සිදුකර තිබිණි.

ශිරන්ති රාජපක්ෂ මෙලෙස කැඳවා ඇත්තේ, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන ක්‍රියාවලියට අදාළව ප්‍රකාශය ලබා ගැනීම සඳහාය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වන මූලික විමර්ශනයක් ආරම්භ කරන ලද්දේ 2015දී යහපාලන ආණ්ඩුව සමයේය.

එම විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට යාමේදී එම නිලධාරීන්ට සිදු වූයේ කථානායක නිල නිවසට ගොස් එම ප්‍රකාශය ලබා ගැනීමටය. ඒ අනුව 2015 ජූනි 01 දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගෙන් එම ප්‍රකාශය ලබාගනු ලැබූවේ කතානායක නිල නිවසේදී ය. එවකට කථානායක චමල් රාජපක්ෂය.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here