එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන “A” කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයෙන් ශ්‍රී ලංකා “A” ජයගැනීමට සමත් වී තිබෙනවා .
ඒ ඇෆ්ගනිස්තාන “A” කණ්ඩාය කඩුලු 6කින් පරාජයට පත්කරමින් .
තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තාන “A” කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා .
ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන “A” කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 248ක් රැස් කළ බවයි සඳහන් වන්නේ .
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා “A” කණ්ඩායමේ දිල්ෂාන් මධුසංක කඩුලු 4ක් සහ මොහොමඩ් ෂිරාස් කඩුලු 02ක් බිද හෙළීමට සමත් වී තිබෙනවා .
එහිදී ලකුණු 249ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා “A” කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 03ක් අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 249ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කර තිබෙනවා .
තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේද නායක සදීර සමරවික්‍රමයි.
ලහිරු උදාර ලකුණු 81ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා .
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන “A” කණ්ඩායම වෙනුවෙන් කලීල් අහමඩ් කඩුලු 02ක් දවාගනු ලැබුවා .
Saru FM Media