ශ්‍රී ලංකා යෞවනියෝ සිව්වැනි ජයත් ලබති

0
10

අසනි තලගුණේ ගේ විශිෂ්ට පන්දු යැවීමත්, විමෝක්‍ෂා බාලසූරියගේ සුපිරි පිතිහරඹයත් හේතුවෙන් සංචාරක මලයාසියා යෞවනියන් සහ ශ්‍රී ලංකා යෞවනියන් අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි – 20 තරගාවලියේ සිව්වැනි තරගයෙන්ද කඩුලු 9ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඊයේ (07 දා) එන්.සී.සී. පිටියේදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මලයාසියානු කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 85ක් ලබාගැනීමට සමත්වූ අතර, ලකුණු 85ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා යෞවනියෝ පන්දු වාර 13යි පන්දු 4ක් අවසානයේ 1 කඩුල්ලක් පමණක් දැවී ලකුණු 89ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්වූවාය. මලයාසියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී නුර් ඩානිආ ලකුණු 22ක් ලැබීය.

පන්දු යැවීමේදී අසේනි තලගුණේ ලකුණු 14කට කඩුලු 4ක් සහ චමෝදි ප්‍රමෝදා ලකුණු 18කට කඩුලු 2ක් බිඳහෙළීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විමෝක්ෂා බාලසූරිය ලකුණු 53ක් සහ මනුදි නානායක්කාර ලකුණු 16කට ලකුණු 16ක් ලැබීය.

පන්දු යැවීමේදී නුර් ඩානියා ලකුණු 25කට 1 කඩුල්ලක් බිඳහෙළීය.

සිසිර ඉන්ද්‍රජිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here