ශ්‍රී ලංකා යෞවනියෝ එක්දින තරගාවලියෙත් පෙරමුණ ගනිති

0
1

ලකුණු 180ක පහසු ජයක් සමග

ආරම්භක පිතිකාරිනිය වන සංජනා කාවින්දිගේ විශිෂ්ට පිතිහරඹය සහ මැද පෙළින් පිටියට පිවිසි රශ්මි නේත්‍රාංජලී ගේ ඉවසිලිවන්ත ඉන්මත්, ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ කැපී පෙණෙන පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක ඔස්ටේ්‍රලියානු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යෞවනියන් අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන්ද ලකුණු 180ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩයම සමත්විය.

පෙරේදා (28 දා) රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 266ක් ලබාගැනීමට සමත්වූ අතර, ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලකුණු 267ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 24යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 86ක් වීම හේතුවෙන් ලකුණු 180ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා යෞවනියන්ට හැකියාව ලැබිණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ සංජනා කාවින්දි පන්දු 121කට මුහුණ දෙමින් හයේ පහර 1ක් සහ හතරේ පහර 12ක් සමගින් ලකුණු 92ක් ලබාගැනීමට සමත්වූ අතර, ඊට අමතරව රශ්මි නේත්‍රාංජලී ලකුණු 59ක්, රශ්මිකා සෙව්වන්දි නොදැවී ලකුණු 22ක්, ශෂිනි

ගිම්හානි ලකුණු 19ක් සහ විමෝක්ෂා බාලසූරිය ලකුණු 18ක් ලබාගැනීමට සමත්වූවාය.

පන්දු යැවීමේදී අයාකා කාටෝ ලකුණු 37කට කඩුලු 2ක් දවාලීය.

ඔස්ටේ්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ලුසී ෆින් ලකුණු 34ක් සහ සමරා දුල්වින් ලකුණු 16ක් ලැබීය.

පන්දු යැවීමේදී ලිමන්සා තිලකරත්න ලකුණු 7කට කඩුලු 3ක්, ශෂිනි ගිම්හානි ලකුණු 18කට කඩුලු 3ක්, රශ්මිකා සෙව්වන්දි, චමෝදි ප්‍රබෝධා සහ රශ්මි නේත්‍රාංජලී අතර 1 කඩුල්ල බැගින් බෙදී ගියේය.
සිසිර ඉන්ද්‍රජිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here