ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: ශ්‍රී ලංකා මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ තවත් ඉරාන නෞකාවක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ප්‍රේමදාස මහතා පැවසුවේ අමෙරිකානු සබ්මැරිනයක සිට ටෝපිඩෝවක් ආධාරයෙන් ඊයේ දිනයේ දී නෞකාවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ද රජය විශේෂ ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි.
මෙරට ස්වෛරීයභාවය, භෞමික අඛණ්ඩතාවය පිළිබඳ අවධානය යොමුකළ යුතු බරපතළ තත්ත්වයක් පැන නැගී ඇති බවත් ඊයේ (04) දිනයේ දී රට ආසන්නයේ දී මෙවැනි නෞකාවක් විනාශ වී තිබීම පිළිබඳව රජය දැනුවත්ව සිට සභාව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම් ඉටුකිරීමට බාධාවක් බවත් හෙතෙම සඳහන් කළේය.
විපක්ෂ නායකගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට පිළිතුරු දීමක් සිදුකාන ලදී.
ඒ අනුව අමාත්‍යවරයා පැවසුවේ “මේ කියන නැව තවමත් තිබෙන්නේ අපේ ජාතික ජල තීරය තුළ නෙවෙයි. එය තිබෙන්නේ ජාතික ජල තීරයට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ. අපි ඒ ජීවිත සම්බන්ධයෙන් උපරිම මැදිහත් වීම කරමින් ඉන්න බව පමණක් මට කියන්න පුළුවන්. මේ කටයුතු අවසන් වුණා ම සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්” යනුවෙනි.

The post ශ්‍රී ලංකා මුහුදු සීමාව අනතුරකද? සජිත්ගේ නෞකා ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි. appeared first on LNW Sinhala.
Saru News
















