පර්චස් 20කින් යුත් ගොඩ ඉඩමක් මාරු කරදීම සඳහා රුපියල් 20,000ක අල්ලසක් ලබාගත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බී. කලාපයේ වැලිකන්ද – සඳුන්පිටිය ඒකක කළමනාකාරවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද (21) දහවල් අල්ලස් හා දූෂණ විමර්ශන අංශය මගින්.
අත්අඩංගුවට ගත් සැකකරු නීතිමය කටයුතු සඳහා පොලිසියට භාරදීමට කටයුතු කරන බව ද අල්ලස් හා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් පැවසුවා.
අත්අඩංගුවට ගත් කළමනාකාරවරයා, මහවැලි බී. කලාපයේ ස්ථාන කිහිපයක ඒකක කළමනාකාරවරයෙකු ලෙස රාජකාරී කරමින් සිටියදී විවිධ පුද්ගලයන්ගෙන් ඉඩම් මාරු කිරීම සහ බලපත්‍ර සකසා දීමට, මෙන් ම ඉඩම් පෙන්වීමට අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වූ අයෙක් බවයි වාර්තා වන්නේ.
Saru FM Media