ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ ජාත්‍යන්තර මෙහෙයුමක් – Saru News | සිංහල

0
2

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්තඩංගුවට ගැනීමේ මෙහෙයුමකට ජාත්‍යන්තර පොලිසිය, ඩුබායි රාජ්‍යයේ ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකාවේ පොලිසිය ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබේ.

ඩුබායි රාජ්‍යයේ ආරක්ෂක අංශ විසින් මෙරට අපරාධ කල්ලි නායකයෙකු අත්තඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු අනුව එම ඒකාබද්ධ මෙහෙයුම දියත් කර ඇත. මේ වනවිටත් ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 26 දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පිරිස සම්බන්ධයෙන් එරට මූලික පරීක්ෂණ අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා සැලසුම් සකස් කරමින් සිටී. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව විදේශ රටවල සැඟවී සිටි අපරාධ චෝදනා ලත් පුද්ගලයින් රැසක් අත්තඩංගුවට ගෙන යළි මෙරටට ගෙන එනු ලැබීය.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here