Monday, May 5, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට නව සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කෙරේ

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට නව සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කෙරේ

0
16


New Chairman and Board members appointed to the Sri Lanka Press Council

ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ උත්සවයකදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු වෙත නිල පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.
ප්‍රකට ලේඛකයෙකු, විචාරකයෙකු සහ මාධ්‍යවේදියෙකු වන ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර මහතා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. එමෙන්ම ආචාර්ය අනුෂ්කා කහඳගමගේ මහත්මිය, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සහ මාධ්‍යවේදිනී මහීෂා මුදුගමුව මහත්මිය, සහ මාධ්‍යවේදී දේවදාසන් සෙන්දිල්වේලවර් මහතා යන තිදෙනා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර ඇත.

මෙම පත්කිරීම් සිදුකරනවාට සමගාමීව රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කැබිනට් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නම “ශ්‍රී ලංකා මාධ්‍ය කවුන්සිලය” ලෙස වෙනස් කිරීමටත්, එය දිගටම පවත්වාගෙන යාමටත් නිර්දේශ කර ඇති අතර, එමගින් එම ආයතනයේ ප්‍රවේශය පුළුල් කිරීමට අපේක්ෂා කර ඇති අතර ඉදිරි කාලයේ එම කටයුතු සිදුවුන ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව මාධ්‍ය කවුන්සිලය විද්‍යුත් හා ඩිජිටල් මාධ්‍ය සඳහාද අදාළ වන ඇත.
නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය නංවාලීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here