ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්

0
2

තුර්කිමෙනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි

ආසියානු කුසලානයට ඩී කාණ්ඩයේ යටතේ සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකාව සහ තුර්කිමෙනිස්තානය අතර පාපන්දු තරගය රීඩ් මාවතේ තුරඟ තරග පිටියේදී පැවැති තරගයෙන් ගෝල 1-0 ලෙස ප්‍රබල තුර්කිමෙනිස්තානය පරදා ශ්‍රී ලංකාව ඓතිහාසික ජයග්‍රහණය හිමි කරගන්නා ලදි.

ඊයේ පැවැති තරගයේ මුල් භාගයේ දෙපිලම තියුණු තරග නිරත වූ අතර කිසිදු කණ්ඩායමකට ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.

තරගයේ දෙවන භාගයේ ශ්‍රී ලංකාව කණ්ඩායම ආක්‍රමශිලි ක්‍රිඩා රටාවක නිරත වෙමීන් 66 වැනි විනාඩියේදි ලියෝන් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ගෝලය වර්තා කිරිමට සමත් විය.

තුර්කිමෙනිස්තානය ජාත්‍යන්තර තරග 7කදී ශ්‍රී ලංකාව මුණගැසී ඇති අතර ඉන් 5 වතාවකම තුර්කිමෙනිස්තානය ජයග්‍රාහනය කර ඇති එක් තරගයක් ශ්‍රී ලංකාව ජයග්‍රාහනය කර ඇත. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

ෆිෆා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව තුර්කිමෙනිස්තානය 138 වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාව 197 වැනි ස්ථානයේ පසුවේ.

නිත්‍ය ගෝල් රකින ක්‍රීඩක රුස්ටිම් අහල්යේව් සහ ආරක්ෂක පෙළ ක්‍රීඩක යහලාස් ට මිට පෙර තරගවලදි කහ කාඩ් අවවාද පිට පිට දෙවරක් ලැබී තිබීම නිසා ඔහුන් දෙදෙනා නොමැතිව ඊයේ තරගයට තුර්කිමෙනිස්තානය සහභාගි විය.

මෙම තරගයට පෙර ඩී කාණ්ඩයෙන් තරග දෙකකට සහභාගි වී ඇති ශ්‍රී ලංකාව චින තායිපේ කණ්ඩායම (3-1) පරාජය කළ අතර තායිලන්තය සමග පැවැති තරගයෙන් (1-0) ලෙස පරාජයට පත් විය.

ශ්‍රී ලංකාව සහ තුර්කිමෙනිස්තානය අතර මීළඟ තරගය ලබන 14 වැනිදා තුර්කිමෙනිස්තානයේදී පැවැත්වේ.

සුසිල් ජයකොඩි
රීඩ් මාවතේ තුරඟ තරග පිටියේ සිට

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here