ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩවීම ගැන කනගාටු වෙනවා

0
5

ලෝක කුසලානයට පෙර සියලු වැරදි හදා ගන්නවා – ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලිණ කණ්ඩම්බි කියයි

ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට හිමි අවසාන තරගයට කෙසේ සූදානම් වනවා දැයි ඊයේ (25 දා) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි අදහස් දක්වමින් කියා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 ක් පරාජය වී සිටින නිසා හොඳ මානසිකත්වයකින් ඉන්දියාව සමග තරගය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත්, තවම කණ්ඩායමේ වෙනස්කම් කරනවාද නැද්ද යන්න තීරණයක් ගෙන නොමැති බවත් අද ඉන්දියාවට හොඳ තරගයක් දී ජයගන්නා බවත් පැවසීය.

තවද වැඩිදුරටත් අදහස් දැක්වූ තිළිණ කණ්ඩම්බි කියා සිටියේ තරග පරාජය ගැන කනගාටු වන බවත්, ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩවීම ගැන බොහෝ කනගාටුවන බවත්ය. ඉදිරියේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානයේදී සියලු වැරදි හදාගෙන හොඳ මානසිකත්වයෙන් ක්‍රීඩා කර ජයග්‍රහණ ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසීය.

සුසිල් ජයකොඩි එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි අගනගරයේ සිට

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here