ආසියානු කුසලාන නැගී එන තරු විස්සයි – 20 ක්රිකට් තරගාවලියේ ඊයේ (19දා) පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 159ක් රැස්කළ අතරල පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී රැස්කළ හැකිවූයේ ලකුණු 153ක් පමණි.
තරගයේදී පන්දුවට පහරදීමෙන් පන්දු 14කින් ලකුණු 23ක් රැස්කළ දුනිත් වෙල්ලාලගේ පන්දු යැවීමෙන් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගැනීම විශේෂත්වයකි. ඔහු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට ද සමත්විය.
Saru FM Media









