ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානු පාර්ලිමේන්තුවේ ගෞරවය

0
12

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ පසුබිම තුළ වුවද එරට රැඳී සිටිමින් ඉදිරි තරගවලට සහභාගි වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගත් තීරණයට පාකිස්තානු පාර්ලිමේන්තුවේ ගෞරවයට හා පැසසුමට ලක්විය.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි එක්දින තරගය ඊයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී දැඩි රැකවල් මැද පැවැත්විණි.

අදාළ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඇතුළු ක්‍රීඩකයින් කම්පනයට පත්ව පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන යළි දිවයිනට පැමිණීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ද ඉල්ලීමක් කර තිබිණි.

එවැනි පසුබිමක පාකිස්තානු රජය, එරට ආරක්ෂක අංශ, ජනාධිපතිවරයා, ලක් රජය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්වී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරි එක්දින තරග දෙක හා තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සිය එකඟතාවය පළ කළහ.

එම තීරණයත් සමග පාකිස්තානු පාර්ලිමේන්තුව එරට අභ්‍යන්තර කටයුතු හා පෙඩරල් අමාත්‍ය, වත්මන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෝසන් නබ්බි මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා රාජ්‍ය නායකයකුට ලබාදෙන ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.

පාකිස්තානු යුද හමුදාව ඇතුළුව ආරක්ෂක අංශ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරන බවත් ඔහු වැඩිදුරටත් කීය.

එලෙස පාකිස්තානයේ ඉල්ලීමට ගරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරට රැඳී සිටීමට ගනු ලැබූ තීරණයට පාකිස්තානු පාර්ලිමේන්තුවේ ගෞරවාදරයට පාත්‍රවිය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here