ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා සහ ඉන්දු – පාකිස්තාන් තරගවල ප්‍රවේශ පත්‍ර ගැන දැනුම්දීමක්

0
2

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා සහ ඉන්දියා – පාකිස්තාන තරගය සඳහා සියලු ප්‍රවේශ පත්‍ර අලෙවිවී තිබේ. 

ඒ හේතුවෙන් ප්‍රවේශපත්‍ර කවුළු වෙත නොපැමිණෙන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය හෙට (15) රාත්‍රී 07.00ට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබේ. 

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රවේශපත්‍ර කවුන්ටරය වසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දෙයි. 

මේ අතර ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අනිද්දා (16) නුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට අතර එදින බලගොල්ල, අබිතා ක්‍රීඩාංගණයේ ටිකට්පත් කවුන්ටරය වසා තබනු ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here