ශ්‍රී ලංකා – එංගලන්ත තරගයට වැස්සෙන් බාධා ඇති වෙයි ද? 

0
2

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා සහභාගී වන පළමු තරගය ආරම්භවීමට ඇත්තේ, හෝරා කිහිපයකි. 

අද (22) පස්වරුවේ මධ්‍යම පළාතට වැසි අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබුණ ද ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගය නැරඹීම සඳහා මේ වනවිටත් ප්‍රේක්ෂකයින් පැල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත පැමිණෙමින් සිටිති. 

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායම් දෙකම අවස්ථා හයකදී එකිනෙක හමුවී ඇති අතර ඉන් අවස්ථා පහකදීම ජය හිමිකරගෙන ඇත්තේ, එංගලන්ත කණ්ඩායමය. 

ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ, 2012 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවති තරගය පමණය.

ඒ අනුව ශ්‍රී ලංකාව අද තරගබිමට පිවිසෙන්නේ එංගලන්තය හමුවේ වසර 14ක විස්සයි විස්ස ලෝක කුසලාන පරාජ රැල්ලට තිත තැබීමේ අරමුණ ඇතිවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here