ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අද (16) උදෑසන දිල්ලියේදී හමු වූ බව ද එහිදී ශ්‍රී ලංකාවට ඉන්දියාවේ අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබදව සහ අධ්‍යාපනය හා සහ ධාරිතා වර්ධනය සඳහා දෙරටේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කළ බව ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි.
මේ ගැන සිය එක්ස් ගිණුමේ සටහනක් තබා ඇති ආචාර්ය එස්. ජයිශංකර් මහතා මෙසේ සදහන් කර ඇත. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට ලැබීම සතුටක් බව ද එම පණිවිඩයේ දැක්වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media