2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ, අයර්ලන්තය සමග පැවති තරගය ලකුණු 20කින් ජය ගනිමිනි.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 163කි.
කමිඳු මෙන්ඩිස් පන්දු 19කින් ලකුණු 44යි. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56ක් රැස් කළේ ය.
ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 143ක් පමණි.
මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග අතර කඩුලු 3 බැගින් බෙදී ගියේ ය.
2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් අද(09) පැවැත්වීමට නියමිතය.
ඉතාලි සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර තරගය අද ඉන්දියාවේ කොල්කටාහිදි පැවැත්වෙන අතර එම තරගය මෙරට වෙලාවෙන් අද පෙරවරු 11ට ආරම්භවීමට නියමිතය.
ඕමාන සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය අද පස්වරු 3ට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
කැනඩා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය ඉන්දියාවේ අහමදාබාද්හිදි පැවැත්වෙන අතර එම තරගය ආරම්භ වන්නේ මෙරට වෙලාවෙන් අද රාත්‍රී 07.00ටයි.
Saru News






